රිෂාබ් පාන්ට්ගේ ජීවිතය බේරූ තරුණයා පෙම්වතිය සමඟ දිවි නසාගැනීමේ උත්සාහයක – පෙම්වතිය මරුට

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට් රිය අනතුරට ලක්වීමෙන් පසු ඔහුගේ ජීවිතය බේරාගත් තරුණයා වස පානය කර සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර තිබෙනවා.

සිය පෙම්වතිය සමඟ වස පානය කර ඔහු මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

25 හැවිරිදි වියේ පසුවන රජත් කුමාර් නැමැති මෙම තරුණයා සිය 21 හැවිරිදි පෙම්වතියවන මනු කාශ්‍යප් සමඟ වස පානයකර ඇති අතර එහිදී ඔහුගේ පෙම්වතිය මියගොස් තිබෙනවා.

රජත් කුමාර් තවමත් බරපතළ තත්ත්වයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කුල වෙනස්කම් හේතුවෙන් ඔවුන්ගේ සම්බන්ධයට පවුල්වලින් එල්ල වූ විරෝධතා මත මෙම තීරණය ගෙන ඇති අතර, වස පානය කිරීමට පෙර වීඩියෝ පණිවුඩයක් ද තබා ඇති බවයි වාර්තා වුණේ.

“අපිට එකට ජීවත් විය නොහැකි නම්, අඩුම තරමින් එකට මිය යා හැකියි” යනුවෙන් ඔවුන් දෙදෙනා එම වීඩියෝ පණිවුඩයේ සඳහන් කර තිබෙනවා.

උත්තර් ප්‍රදේශ් හි මුසෆර්නගර් හි උක් වගාවක දී වස පානය කිරීමට පෙර ඔවුන් දෙදෙනා එක්ව මෙය පටිගත කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුගිය 2022 වසරේ දෙසැම්බර් මාසයේ දී රජත් කුමාර් තම මිතුරා වන නිෂු කුමාර් සමඟ එක්ව ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට් මුහුණ දුන් බිහිසුණු මෝටර් රථ අනතුරෙන් පසු ඔහුව බේරාගැනීමත් සමඟ ඉන්දියාව පුරා අවධානය දිනාගත් චරිතයක් වුණා.

රිෂාබ් පාන්ට් දිල්ලියේ සිට උත්තරාකන්ඩ් දක්වා ගමන් කරමින් සිටිය දී ඔහුගේ මර්සිඩීස් රථය අනතුරට පත්ව ගිනි ගැනීමකට ලක් වුණා.

එම අවස්ථාවේ දී අසල කර්මාන්ත ශාලාවක සේවය කළ රජත් සහ නිෂු අනතුර දැක එම ස්ථානයට දිව ගොස් ඔහු කවුදැයි නොදැන, තුවාල ලැබූ ක්‍රිකට් ක්‍රීඩකයා දැවෙන සුන්බුන් එළියට ගෙන වෛද්‍ය ආධාර ලබාදීමට කටයුතු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14