AFC Banner
AFC Banner
Empty Ad

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වෘත්තීය සමිතිවලිනුත් අදහස් ලබා ගැනීම ඇරඹෙයි

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු වෘත්තීන් නියෝජනය කරන වෘත්තිය සමිති සමඟ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

අධ්‍යාපන පරිපාලන, විදුහල්පති, ගුරු උපදේශක, ගුරු අධ්‍යාපනඥ සහ ගුරු සේවය යන සියලු ක්ෂේත්‍ර නියෝජන කරන වෘත්තිය සමිති නියෝජිතයෝ මේ සඳහා සහභාහි වූ බවයි වාර්තා වන්නේ.

ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්න්ධයෙන් පැමිණ සිටින වෘත්තීය සමිති නියෝජිතයන්ට සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණු අතර ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අග්‍රාමාත්‍යවරියගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වුණා.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව, ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් සහ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළ පිරිසක් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?