AFC Banner
AFC Banner
Empty Ad

ඇප කොන්දේසි උල්ලංඝනය කළ විත්තිකාරිණියක් අත්අඩංගුවට ගැනීමට නියෝග

වයස අවුරුදු අටක දැරියකගේ නිරුවත් ඡයාරූප සමාජ මාධ්‍යයට මුදා හැරීමේ සිද්ධියකට අදාළව ඇප මත මුදා හැර සිටි සැකකාර කාන්තාවක් අධිකරණයේ ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම හා වින්දිතයන්ට සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව යටතේ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (05) බොරැල්ල පොලිසියට
නියෝග කළා.

කොළඹ ප්‍රදේශයේ පදිංචි ෆාතිමා නුස්රා ඉරේෂා නමැති සැකකාර කාන්තාවක් එසේ අත්අඩංගුවට ගැනීමට නියම කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇපමත මුදාහැර සිටින සැකකාර කාන්තාව මෙම සිද්ධියේ පැමිණිලිකාරියට හා වින්දත දැරියට විවිධ බලපෑම් කර ඇති බව පවසමින් ඔවුන් පැමිණිල්ලක් කර ඇති බැවින් එම සැකකාර කාන්තාව නැවත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙස පොලිසිය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළා.

මෙලෙස ඇප මත මුදා හැර සිටින සැකකාරිය සහ ඇයගේ මව ඉකුත් 28 වන දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මෙම සිද්ධියේ පැමිණිලිකාරියට සහ වින්දිත දැරියට අගතියක් වන ආකාරයෙන් කරුණු වාර්තා කර තිබෙන බවද බොරැල්ල පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නා.

ඇප මත සිටියදී මෙවැනි ක්‍රියාවක් කිරීම අධිකරණයේ ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමක් බව පෙනී යන බැවින් වින්දිතයන්ට සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වී මිල නිසා ගොවියන්ගේ රතු කට්ට පනී
03:38
Video thumbnail
නිදහස් උත්සවයේ සිංහ රුව අයින් කළේ කාගෙන් අහලද? #indipendenceday #npp #jvp
03:25
Video thumbnail
හොරා හොරා - හොරාට හූ කියන්න එපැයි
12:59
Video thumbnail
ලියුම ආවම අපි නිවසෙන් යන්න සූදානම් - නාමල් ආණ්ඩුව හාන්සි වෙන්නම දෙසයි #namal_rajapaksha
05:42
Video thumbnail
ගොවියන්ට සුබ පණිවුඩයක් - වී වලට නියම මිලක්
05:23
Video thumbnail
හදීසියේ හර්ෂ Live එයි - "කරුණාකරලා මේකට අහුවෙන්න එපා"
02:26
Video thumbnail
ධම්මික පෙරේරා නිසා මුජිබර් - වසන්ත ඇරගනී
21:50
Video thumbnail
ලාල් කාන්තලා - වසන්තලා ඉස්සර කිව්ව ඒවා - දැන් ආය ඇහුවොත් රෙදි නැතුව දුවන්න වෙන්නේ
11:01
Video thumbnail
ඔයාලා නීතියට පයින් ගහලා වැඩ කළේ - දැන් රිදෙන්නම පටන්අරන්
15:03
Video thumbnail
ලසන්ත වික්‍රමතුංග ඝා#නයට ගෝඨාභය සම්බන්ධයිද? - "ඒක මම දන්නේ නෑ" - ඕන් දැන් දෙන උත්තර
10:49

?