AFC Banner
AFC Banner
Empty Ad

මෙරට මුහුදු තීරයට ඇතුල් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම දකුණු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

පෙරේදා (02) දින රාත්‍රී කාලයේ මන්නාරමට දකුණෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින්, මෙම ධීවර යාත්‍රාවක් සිය භාරයට ගැනුණේ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු සමගින්.

මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දස දෙනා මන්නාරම තාල්පාඩු ජැටිය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?