AFC Banner
AFC Banner
Empty Ad

රජරට සරසවියේ සිසුන් රාජ්‍ය පරිපාලන නිවාඩු නිකේතනය වටලයි (වීඩියෝ)

මිහින්තලේ රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් නේවාසිකාගාර පහසුකම් නොලැබීම හේතුවෙන්, මිහින්තලේ රාජ්‍ය පරිපාලන නිවාඩු නිකේතනය වටකර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අද (03) දින මෙම විරෝධතා ශිෂ්‍ය පිරිස් විසින් අදාළ පරිපාලන ගොඩනැගිල්ල වටලා ඇති බවයි.

අදාළ කරුණ සම්බන්ධයෙන් මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්වරයා සමග රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සාකච්ඡා කළ ද නිසි විසඳුම් නො ලැබීම හේතුවෙන් එය ද අසාර්ථක වී තිබෙනවා.

ඉන්පසු රජරට විශ්වවිද්‍යාලයේ බලධාරීන් දෙදෙනකු පැමිණ මෙයට විසඳුමක් දෙන බවට සහතික වුව ද මේ වන තෙක් නිසි විසඳුම් නොලැබුණු බවයි ශිෂ්‍යයින් චෝදනා කරන්නේ.

රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඉල්ලා සිටින්නේ නේවාසිකාගාර පහසුකම්වලට නිසි විසඳුමක් ලබා දෙන තුරු මිහින්තලේ රාජ්‍ය පරිපාලන නිවාඩු නිකේතනය හැර නොයන බවයි.

විශේෂ පොලිස් බලකාය, කැරලි මර්දන ඒකකය, විශේෂ පොලිස් කණ්ඩායම් තත්ත්වය පාලනය කිරීමට මිහින්තලේ පොලිසිය විසින් කැඳවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?