AFC Banner
AFC Banner
Empty Ad

හාල් – වී මිල ගැන මාධ්‍යවේදීන් ඇසූ විට ඩඩ්ලි සැරවෙයි

සහල් ගැටලුව අවසන් කළ හැකි වන්නේ ගොවියාගේ ගැටලුව විසඳුවහොත් පමණක් බව අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.

අද (03) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් සිරිසේන මහතා පැවසුවේ සහල් ගැටලුවට හෝ වී මිලෙහි සහතික මිලක් නොමැති වීම සම්බන්ධයෙන් තමන්ගේ කරමතට එම අර්බුදය ද නොදමන ලෙසයි.

සහල් මිලට ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රශ්න කර තේරුමක් නොමැති බවත් එම ප්‍රශ්නය උද්ගත කරන ලද අයගෙන් එම ප්‍රශ්නයට පිළිතුරු විමසන ලෙස ද ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.

රජය විසින් ලබාදෙනු ලැබූ පාලන මිලට යටත් ව මේ වනවිට සහල් සහ වී මිල ගණන් තීරණය වී ඇති බවත් ඉදිරියේ දී කිසිවෙකුටත් අනවශ්‍ය ලෙස මීට මැදිහත්වීමට තමන් ඉඩ නොදෙන බව ද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?