මාමඩල ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් තවමත් අත්අඩංගුවට ගෙන නැහැ – පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශනවල

අම්බලන්තොට, මාමඩල, ඇලේගොඩ ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයින් තිදෙනෙක් ඝාතනය කළ සිද්ධියට පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන අරඹා ඇති බව පොලිසිය පවසනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවමත් කිසිඳු සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි අම්බලන්තොට පොලිස් ස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කර සිටියේ.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඊයේ (02) රාත්‍රියේ මාමඩල, ඇලේගොඩ ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයින් තිදෙනෙක් ඝාතනය කෙරුණු අතර, අපරාධය සඳහා පස්දෙනෙක් පැමිණ ඇති බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

ඝාතනයට ලක්වූ තිදෙනා මාමඩල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් වයස අවුරුදු 29, 34 සහ 45 යන වයස්වල පසුවූවන් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් මුල්කරගනිමින් මෙම ඝාතන සිදුකර ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23