AFC Banner
AFC Banner
Empty Ad

මාමඩල ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් තවමත් අත්අඩංගුවට ගෙන නැහැ – පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශනවල

අම්බලන්තොට, මාමඩල, ඇලේගොඩ ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයින් තිදෙනෙක් ඝාතනය කළ සිද්ධියට පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන අරඹා ඇති බව පොලිසිය පවසනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවමත් කිසිඳු සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි අම්බලන්තොට පොලිස් ස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කර සිටියේ.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඊයේ (02) රාත්‍රියේ මාමඩල, ඇලේගොඩ ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයින් තිදෙනෙක් ඝාතනය කෙරුණු අතර, අපරාධය සඳහා පස්දෙනෙක් පැමිණ ඇති බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

ඝාතනයට ලක්වූ තිදෙනා මාමඩල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් වයස අවුරුදු 29, 34 සහ 45 යන වයස්වල පසුවූවන් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් මුල්කරගනිමින් මෙම ඝාතන සිදුකර ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?