වොෂින්ටන් ගුවන් අනතුරින් මියගිය 27 දෙනෙකුගේ සිරුරු සොයාගැනේ – පරීක්ෂණ සඳහා කළු පෙට්ටි රසායනාගාර වෙත

අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී හි දී සිදු වූ ගුවන් අනතුරේ පියාසැරි දත්ත රෙකෝඩරය සහ නියමු කුටියේ හඬ රෙකෝඩරය විමර්ශන නිලධාරීන් සොයාගෙන තිබෙනවා.

පෙරේදා (29) රාත්‍රියේ දී ගුවන් හමුදා හෙලිකොප්ටරයක් සහ මගීන් රැගත් ජෙට් යානාවක් එකිනෙක ගැටීමෙන් ධවල මන්දිරයට කිලෝමීටර් 05ක දුරින් මෙම ගුවන් අනතුර සිදු වුණා.

ජෙට් යානය සහ හෙලිකොප්ටරය එකිනෙක ගැටීමෙන් එම යානාව රොනල්ඩ් රේගන් ගුවන්තොටුපොළට ගොඩබාමින් සිට ඇති අතර අනතුරින් පසු එම යානා ඒ අසල පිහිටි පොටෝමැක් ගංගාවට ඇද වැටී තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථාවේ දී යානා දෙකෙහිම මගීන් සහ කාර්‍යය මණ්ඩල නිලධාරීන් 64ක් සිට ඇති අතර මේ වනවිට ඉන් 27 දෙනෙකුගේ සිරුර ගංගාවේ අතුරුදන් ව තිබියදී සොයා ගැනුණා.

හෙලිකොප්ටර් යානාව අමෙරිකානු ගුවන් සේවයට අයත් එකක් බවත් එහි සොල්දාදුවන් තිදෙනකු ගමන් කරමින් සිට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

PSA ගුවන් සේවයේ බොම්බාර්ඩියර් (Bombardier) CRJ700 ජෙට් යානය සහ සිකෝර්ස්කි UH-60 බ්ලැක් හෝක් හෙලිකොප්ටරයක් මෙම අනතුරට මුහුණපෑවා.

කෙසේවෙතත් අනතුර සිදුවීමට වූ හේතු සොයා බැලීමට යානාවල ‘කළු පෙට්ටි’ වැදගත් වන බවත් එය මගින් තීරණයක් ලබාදිය හැකි බවත් මේ හේතුවෙන් සොයාගත් එම කළු පෙට්ටි අනතුර සිදු වූ ස්ථානයට ආසන්නව පිහිටි NTSB රසායනාගාරයට විශ්ලේෂණයට යවා ඇති බවයි අමෙරිකානු මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් මෙම ගුවන් යානාව නම් එරට හමුදා පුහුණුවීමකට එක් කර තිබූ එකක් බව ද හෙළි ව තිබෙනවා.

ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවකදී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම අනතුර පිළිබඳ ව සිය ශෝකය පළ කර ඇති අතර ඔහු සඳහන් කර ඇත්තේ එම පුවතින් හදවත් බිඳී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෙකෝඩ් කරලා තියාගන්න - ආයේ හාල් ගෙන්නන්නේ නෑ"
06:55
Video thumbnail
ලුනාවේ කලපුවෙන් හමුවූ අභිරහස් නිසල සිරුර..සිරුර හදුනා ගන්න බැරි තරමට විරූපි වෙලා
01:18
Video thumbnail
මධ්‍යම බස් නැවතුම්පොළ ගැන ජනතාවගේ අදහස්.."හොඳ වුණාට අපිට පහසුකම් නෑනේ.. Stand එක Update වෙලා..
02:41
Video thumbnail
නිදහස් පක්ෂයේ කාන්තාවෝ ජනපතිව හොඳවයින් අමතයි
05:07
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13