ජස්ප්‍රිට් බුම්‍රා වසරේ ටෙස්ට් ක්‍රීඩකයා

2024 වසරේ ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ඉන්දීය උප නායක ජස්ප්‍රිට් බුම්‍රා නම්කර තිබෙනවා.

ICC විසින් මෙම නම් කිරීම සිදු කරන ලද බවයි දැක්වෙන්නේ.

ජස්ප්‍රිට් බුම්‍රා පසුගිය වසරේ පැවැත්වුණු ටෙස්ට් තරග 13ක දී කඩුලු 74ක් බිඳ හෙලා තිබෙනවා.

එමෙන්ම 2024 වර්ෂයේ දී ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි ද පෙරමුණ ගෙන සිටින්නේ ද බුම්‍රා යි.

ඔහු දේශීය ව විදේශීය ව ද ටෙස්ට් තරග පිටියේ දී දක්ෂතා අතරට ඒමට සමත් වුණා.

එම දායකත්වය කෙතරම් දැයි කිවහොත් ඉන්දීය කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීම්හි රඳවා තබා ගැනීමට ද එය ප්‍රයෝජනවත් වුණා.

පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් දිගු කලක් පිටියට නොආ ජස්ප්‍රිට් බුම්‍රා නැවත පැමිණීමෙන් පසු දැක්වූ දක්ෂතාව ඇදහිය නොහැකි බවයි පෙනී යන්නේ.

එංගලන්තයට සහ බංග්ලාදේශයට එරෙහිව ඉන්දියාව තරගාවලි ජයග්‍රහණ වාර්තා කරන විට, දකුණත් වේග පන්දු යවන්නා ඔස්ට්‍රෙලියාවට ද එරෙහිව සිය කුසලතාව මනාවට ඉස්මතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23
Video thumbnail
මහ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් කෙනෙක්ට ගිහින්..නලින්ද සියල්ල එළියට එයි
02:51
Video thumbnail
ජනපති පත්කරපු ලේකම් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
10:28
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන ඇමති නලින්ද කැබිනට් මාධ්‍ය හමුවේදී කට අරියි..එකක්වත් අත් හරින්නේ නෑ
07:08
Video thumbnail
අපි හැමදේම තියාගෙන දේශපාලනයට ආව මිනිස්සු..බොරු කියලා පච කියලා අන්දපු මේ වගේ ආණ්ඩුවක් තවත් නෑ
06:25
Video thumbnail
හයිවේ බස් එකේ වීරයා වෙන්න ගිහින් අන්තිමට නෝන්ඩි වුණ හැටි
01:14
Video thumbnail
සජබයේ ඇමතියෙක් හොරකම් කළා නම් අනිවාර්යෙන් දඬුවම් දෙන්න ඕනි.. l S. M. Marikkar
03:53
Video thumbnail
සංජීවගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
07:22
Video thumbnail
සුරේෂ් සලේ දැඩි ආරක්ෂාවක් මැදින් කොටුව උසාවිය
01:43