2024 වසරේ ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ඉන්දීය උප නායක ජස්ප්‍රිට් බුම්‍රා නම්කර තිබෙනවා.
ICC විසින් මෙම නම් කිරීම සිදු කරන ලද බවයි දැක්වෙන්නේ.
ජස්ප්‍රිට් බුම්‍රා පසුගිය වසරේ පැවැත්වුණු ටෙස්ට් තරග 13ක දී කඩුලු 74ක් බිඳ හෙලා තිබෙනවා.
එමෙන්ම 2024 වර්ෂයේ දී ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි ද පෙරමුණ ගෙන සිටින්නේ ද බුම්‍රා යි.
ඔහු දේශීය ව විදේශීය ව ද ටෙස්ට් තරග පිටියේ දී දක්ෂතා අතරට ඒමට සමත් වුණා.
එම දායකත්වය කෙතරම් දැයි කිවහොත් ඉන්දීය කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීම්හි රඳවා තබා ගැනීමට ද එය ප්‍රයෝජනවත් වුණා.
පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් දිගු කලක් පිටියට නොආ ජස්ප්‍රිට් බුම්‍රා නැවත පැමිණීමෙන් පසු දැක්වූ දක්ෂතාව ඇදහිය නොහැකි බවයි පෙනී යන්නේ.
එංගලන්තයට සහ බංග්ලාදේශයට එරෙහිව ඉන්දියාව තරගාවලි ජයග්‍රහණ වාර්තා කරන විට, දකුණත් වේග පන්දු යවන්නා ඔස්ට්‍රෙලියාවට ද එරෙහිව සිය කුසලතාව මනාවට ඉස්මතු කළා.