කොදෙව්වන් තරගාවලි ජය සම කරගනිද්දී තබා තිබූ ශ්‍රී ලංකා වාර්තාවකුත් බිඳ වැටෙයි

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ශූරතාව සම මට්ටමට පත් කරගැනීමට සංචාරක කොදෙව්වන් සමත් වුණා.

ඒ මුල්තාන් හි දී පැවැති අවසන් ටෙස්ට් තරගය ලකුණු 120කින් ජය ගනිමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව්වන් පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 163ක් ලබා ගත්තා.

පළමු ඉනිමේ දී කොදෙව්වන්ගෙන් කඩුලු 06ක් ලකුණු 41ක දී බිඳ දැමීමට නෝමන් අලි සමත් වීමත් කැපී පෙනුණා.

ඉන් අනතුරුව සිය පළමු ඉනිමට පිතිකරණය ඇරඹි පාකිස්තානය සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 154යි.

පසුව සිය දෙවැනි ඉනිමට පිතිකරණය ඇරඹි බටහිර ඉන්දීය කොදෙව්වන් සියල්ලන් දැවී ලකුණු 244ක් ලබාගත්තා.

පළමු ඉනිමේ ලත් සුළු පිතිකරණ වාසියත් සමගින් ඉදිරියට ගිය කොදෙව්වන්ගෙන් පාකිස්තානයට ජයග්‍රහණය සඳහා ලකුණු 253ක ඉලක්කයක් හිමි වුව ද පාකිස්තානයට කොදෙව් පන්දු යවන්නන් හමුවේ සියල්ලන් ම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 133ක් පමණි.

ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගය කොදෙව්වන් ලකුණු 120කින් ජය ගත්තා.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මාන ද්විත්වයම කොදෙව් ක්‍රීඩක Jomel Warrican ට හිමිවුණා.

මේ අතර මෙම ටෙස්ට් තරගාවලිය කොදෙව්වන් අවසන් කළේ ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලියක දී තබා තිබූ දඟ පන්දු යවන්නන් විසින් බිඳ දමනු ලැබූ වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව ද තමන් සතු කරගනිමින්.

ඒ අනුව මෙම තරගාවලිය අවසන් වන විට කොදෙව් දඟ පන්දු යවන්නන් කඩුලු 68ක් බිඳ දමා ඇති අතර 2021 වසරේ දී ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර පැවති ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව තබා තිබූ කඩුලු 67 වාර්තාව මෙලෙස අද (27) දිනයේ දී බිඳ වැටුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34