ASEAN කලාපීය ආරක්‍ෂක විශ්වවිද්‍යාල, විද්‍යාල සහ ආයතන ප්‍රධානීන්ගේ සමුළුව කොළඹ දී

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා 26 වැනි ASEAN කලාපීය ආරක්‍ෂක විශ්වවිද්‍යාල, විද්‍යාල සහ අධ්‍යයන ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ දී ආරක්‍ෂක අධ්‍යාපනය සහ කලාපීය සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් ((විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා විසින් සභාව අමතමින් වත්මන් ගෝලීය විෂමතාවන්ට අනුගත වීම සහ කලාපීය ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සඳහා ආරක්‍ෂක අධ්‍යාපනයේ තීරණාත්මක කාර්යභාරය පිලිබඳ අවධාරණය කළ බවයි.

26 වැනි ASEAN කලාපීය ආරක්‍ෂක විශ්වවිද්‍යාල, විද්‍යාල සහ ආයතන ප්‍රධානීන්ගේ සමුළුව, “Defence Education in an Era of Transition” යන තේමාව ඔස්සේ ශ්‍රී ලංකාවේ කොළඹ දී නිල වශයෙන් ආරම්භ වූ අතර, ජනවාරි 22 සිට 25 දක්වා පැවැත්වෙනවා.

මෙම සමුළුවට කලාපයේ ප්‍රමුඛ ආරක්‍ෂක අධ්‍යයන ආයතන රැසක නියෝජිතයන් හා විෂයානුබද්ධ විද්වතුන් විසින් එකී තේමාවට අදාළ ව අදහස් හුවමාරු කරගනිමින් සාකච්ඡාවල නිරත වන බවයි වාර්තා වන්නේ.

කීර්තිමත් ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ මෙම සමුළුව කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී පවත්වනු ලබනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා එහි සමාරම්භක දිනයේ ප්‍රධාන දේශනය පවත්වමින්, කලාපය තුළ විකාශනය වන ආරක්‍ෂක අභියෝග සහ එම අභියෝගයන්ට මුහුණදීම සඳහා උපාය මාර්ගික නවෝත්පාදනයක අවශ්‍යතාව පිළිබඳ කලාපීය ආරක්‍ෂක ක්ෂේත්‍රය හා සබැඳි ප්‍රමුඛතා කිහිපයක් ගෙනහැර දක්වමින් ඉදිරිපත් කළා.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද මෙම අවස්ථාවට සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිව මිනිස්සු පොරකකා වැළඳගයි..හායි Baby කොහොමද? වැඩිය නැවෙන්න එපා
05:09
Video thumbnail
කොළඹ වරාය නගරයේ Duty Free එකේ System අවුල් වෙලා
02:08
Video thumbnail
සමන් ඒකනායකව බලන්න ප්‍රබලයෝ රැසක් උසාවියට එයි
01:13
Video thumbnail
දිය රකුසාගෙන් සිදුවන අනතුරු ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
05:14
Video thumbnail
මරණ දඬුවම් නියම වූ වරදකරුවන්ගේ ඥාතීන් උසාවියේ හඬා වැටෙයි
04:18
Video thumbnail
🔴Breaking News
01:55
Video thumbnail
විෂ මත් ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුම | නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන
20:20
Video thumbnail
උසස්වීම් නොලැබීම නිසා සමෘද්ධි නිලධාරීන් කුපිතවෙයි..වසර 30 ක් අපි එකතැන පල්වෙනවා..
04:16
Video thumbnail
දයාසිරි හදිසියේම ජනාධිපති ලේකම් කාර්යාලයට එයි
07:11
Video thumbnail
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අධිකරණයට රැගෙන ආ හැටි..හිනාවකුත් දාගෙන යන හැටි
01:31


?