අධිකරණය නොමග යැවූ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාට හිරගෙයි දොර හැරේ

සිය රෝගී තත්ත්වය පිළිබඳ ව අසත්‍ය වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමේ චෝදනා මත විශේෂඥ නිර්වින්දන වෛද්‍ය බුද්ධික නුවන් කරුණාරත්න නමැත්තෙකු පෙබරවාරි මස 13 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගගත කිරීමට අද (23) අධිකරණය නියෝග කළා.

අද පෙරවරුවේ විත්තිකාර වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල කරුණාරත්න මහතා මෙම නියෝගය කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

පසුගිය 17 වැනිදා අධිකරණයේ පෙනී නොසිටිමින් තමන් දැඩි අසනීප තත්ත්වයකින් පෙළෙන බවට එදින ඉදිරිපත් කර තිබූ වෛද්‍ය වාර්තාව ගැන රජයේ අධිනීතිඥවරයාට පැන නැගුණු සැකයක් මත ඒ පිළිබඳ ව අධිකරණයට දැනුම්දී තිබුණා.

එහිදී අධිකරණ විනිසුරුවරයාට රජයේ අධිනීතිඥවරයා පෙන්වාදී තිබුණේ විත්තිකරුට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි තරමේ බරපතළ අසනීප තත්ත්වයක් තිබුණේ දැයි යන්නයි.

මේ පිළිබඳව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා ප්‍රමුඛ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් විසින් විත්තිකරු ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තාව සහ විත්තිකරුගේ රෝගී තත්ත්වය සලකා බලා එය බරපතළ තත්ත්වයේ හෝ කිසිදු ආකාරයේ රෝගී තත්ත්වයක් නොමැති බවට වාර්තා කර තිබෙනවා.

මෙම ක්‍රියාව හේතුවෙන් සැකකාර වෛද්‍යවරයා අධිකරණය නොමග යැවීමට උත්සාහ ගත් බවට තීන්දු කළ විනිසුරු මංජුල මහතා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළා.

අදාළ සැකකරු පොලිස් අත් අඩංගුවට ගෙන ඇත්තේ තීරුබදු රහිත බලපත්‍ර උපයෝගී කරගනිමින් විදෙස් රටවලින් වාහන ගෙන්වාදෙන බවට පවසමින් වෛද්‍යවරුන් රවටා මුදල් වංචා කර සාපරාධී පරිහරණය හේතුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14