අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක කරුණාරත්න වේලාසනින්ම විශ්‍රාම යයි

එළඹෙන ජූනි මාසයේදී විශ්‍රාම යාමට නියමිත අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, මෙම මස අවසානයේ සිට විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගනු ඇතැයි වාර්තා වනවා.

ඊට අදාළ ලිපි ලේඛන ඔහු විසින් මේ වන විට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර ඇති බව ද සඳහන්.

ඒ සමඟම, රජය විසින් ඔහුට එරෙහිව ගෙන ඒමට සූදානම්ව තිබූ දෝෂාභියෝග සැලැස්ම අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව, විනිසුරු කරුණාරත්න මහතා පෙබරවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි අභියාචනාධිකරණ රාජකාරිවලින් ඉවත් වීමට නියමිතයි.

කෙසේවෙතත්, ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්නොවන අතර ජූනි මාසය දක්වා විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගෙන ඉන්පසු විශ්‍රාම ලබා ගනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

වසර 37ක සේවා කාලයක් සපුරා ඇති විනිසුරු බන්ධුල කරුණාරත්න, නියමිත පරිදි විශ්‍රාම ගැනීමට නියමිතව ඇත්තේ මේ වසරේ ජුනි 16 වැනිදායි.

මේ අතර, පෙබරවාරි පළමු වන දින සිට බලපැවැත්වෙන පරිදි රාජකාරිවලින් ඉවත් වීමට ගත් තීරණය පිළිබඳව විනිසුරු කරුණාරත්න මහතා, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට දැනටමත් දැනුම් දී ඇති බව ද වාර්තා වනවා.

ඒ අනුව, විනිසුරු කරුණාරත්න මහතා විශ්‍රාම යන තෙක් වැඩ බලන තනතුරක් සඳහා තවත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු පත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා.

විනිසුරු කරුණාරත්නගෙන් පසු අභියාචනාධිකරණයෙහි ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන්නේ විනිසුරු මොහොමඩ් ලෆාර් වන අතර ජනාධිපතිවරයා ඔහුගේ නම ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ කර තිබුණේ නැහැ.

ඔහු ජුනි 18 වන දින වයස අවුරුදු 63 සම්පූර්ණ කිරීමෙන් පසු විශ්‍රාම යාමට නියමිත ව තිබෙනවා.

මීළඟට සිටින ජ්‍යෙෂ්ඨතම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන්නේ උදය කරලියද්දේ, රත්නප්‍රිය ගුරුසිංහ සහ ධම්මික ගනේපොල යන අයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි - ගල් අඟුරු සැපයීමට සමාගම් දෙකකට දෙනවා
04:47
Video thumbnail
මේ වගේ පිස්සෝ ටිකක් මන් කොහේවත් දැකලා නෑ
06:38
Video thumbnail
බන්ධනාගාරවල කැරලි හැදෙන විදියට ආණ්ඩුව වටපිටාව හැඳුවා ? පොහොට්ටුවෙන් ආණ්ඩුවට සැර සත්තමක්
15:29
Video thumbnail
ගැමුණුගේ කතාවට නලින්ද උත්තර දෙයි
06:47
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02