අද දිනයේ මිලි මීටර් 150ට වැඩි ඉතා තද වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව දැනුම් දෙනවා.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උතුරු, නැගෙනහිර, උතුරු මැද, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට අද (19) දිනයේ මිලි මීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

එමෙන්ම උතුරු පළාතේත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි අතර, සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 30-40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව ද දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ ගැටුමේ ඇසින් දුටු රැඳවියාගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:25
Video thumbnail
දරුවන් ඇතුළු සියලු දෙනාට Ceylon Green Life Plantation වගාබිම් නැරඹීමේ හැකියාව හැමෝටම විවෘත වෙයි
01:52
Video thumbnail
ප්‍රභාටත් කරගන්න බැරිවෙච්ච වැඩේ මේ ආණ්ඩුව කරන්න හදනවා
08:40
Video thumbnail
නාමල් - නලින්ද හමුවෙයි.. ළඟ ළඟ වාඩිවෙලා ඉන්න හැටි
01:02
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා - විදුලිය කපන්නේ නෑ
04:47
Video thumbnail
අවුරුදු 4ක පුංචි දරුවෙක්ව පාළු පාරක දාලා ගිය හැටි මෙන්න
01:08
Video thumbnail
අධිකරණ කටයුතු වේගවත් වෙන්නේ නෑ - කවුරුත් ඉල්ලපු නැති දෙයක් කරන්නේ
02:57
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:35
Video thumbnail
පාළු තැනක දමා ගිය අවු.4 දැරියක් - සිදුවීම තවමත් අබිරහසක්
01:00
Video thumbnail
වුණොත් නොවුණොත් කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ
12:11