සත් පන්ති කඳු තරණය කරමින් වාර්තා අතරට එක් වීමට තැත් කරන ලාංකිකයා

ලෝකයේ මහාද්වීප හතේ උසම කඳු මුදුන් තරණය කර, ඒවායේ ශ්‍රී ලංකා ජාතික ධජය එසවීම තම එකම බලාපොරොත්තුව සහ අභිලාෂය බව ශ්‍රී ලාංකික කඳු තරණය කරන්නෙකු වන යොහාන් පීරිස් මහතා පවසනවා.

අද (05) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී මේ බව කියා සිටියේ ඇන්ටාටිකාවේ උසම කඳු මුදුන වන මීටර් 4,690ක් උස මවුන්ට් වින්සන්ට් තරණය කිරීම දිවයිනෙන් පිටත් ව යමින්.

ඔහු මේ වනවිට ොස්ට්‍රෙලියාවේ කොසිඔස්කෝ, අප්‍රිකාවේ කිලිමැන්ජාරෝ, යුරෝපයේ එල්බ්‍රෙස් සහ ආසියාවේ එවරස්ට් යන කඳු 04 ම සාර්ථකව තරණය කර තිබෙනවා.

මීට අමතරව ආජින්ටිනාවේ ඇකන්කගුවා සහ ඇලෙස්කාවේ මවුන්ට් දිනාලි කඳු මුදුන් තරණය කිරීමට ඔහුට තවදුරටත් ඉතිරි වී පවතින බවයි හෙතෙම පැවසුවේ.

මෙම කඳු මුදුන් 07 ම සාර්ථක ව තරණය කළ ලෝකයේ කඳු නගින්නන් 350 දෙනෙකු සිටින බව ද, තමා ද ඔවුන් අතරට එක් වී ශ්‍රී ලංකාවට කීර්තිය රැගෙන ඒමට බලාපොරොත්තුවෙන් මෙම කඳු තරණය කිරීම සිදු කරන බව ද යොහාන් මහතා සඳහන් කළා.

යොහාන් පීරිස් කොළඹ – බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි රූපලාවණ්‍ය ශිල්පියෙක්.

ඔහු මමෙවර කඳු තරණය කිරීමට අද අලුයම 04.15ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 663 දරන ගුවන් යානයෙන් දෝහා වෙත ගොස් , එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඇන්ටාටිකාව බලා පිටත්ව යාමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56