ලබන වසරේ පාසල් පවත්වන දින ගණනේ අඩුවක්

එළෙඹෙන 2025 වසරේ දී පාසල් පවත්වන දින ගණනේ සංශෝධනයක් සිදුව තිබෙනවා.

ඒ, අනුව රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්වල සිසුන්ගේ වාර්ෂික පාසල් පැමිණීමේ දින 210ක අවශ්‍යතාවය දින 181ක් දක්වා අඩු කර ඇති බවයි වාර්තා වන්නේ.

රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක් පැවතීම මෙන්ම; පාසල් පළමු වාරය ආරම්භ කිරීම ප්‍රමාදවීම මීට හේතු වී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

2024 අධ්‍යයන වර්ෂය සඳහා තුන්වන වාරය සම්පූර්ණ කිරීම සඳහා ජනවාරි 02 වනදා සිට 24 දක්වා පළමු සති තුන පාසල් පැවැත්වෙන බැවින්; 2025 වසර සඳහා වන පාසල් ආරම්භය ජනවාරි 27 වන දින සිදුකරන බවයි එම අමාත්‍යංශය පැවසුවේ.

මීට අමතරව 2025 සඳහා වන රජයේ නිවාඩු දින 26න් සති අන්තයේ ඇත්තේ නිවාඩු දින 04ක් පමණක් වන අතර, අනෙක් සියලු රජයේ නිවාඩු දිනයන් සතියේ දිනවලට යෙදී තිබෙනවා.

ඒ, අනුව දින 210ක් පන්ති පැවැත්වීමට නොහැකි බවත්, 2025 සඳහා පාසල් දින 181කට සීමා කිරීමට අවසර දුන් බවයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48