ඔස්ට්‍රෙලියානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිව්වැනි ළාබාලතම ක්‍රීඩකයාට මංගල තරග වරම්

ඔස්ට්‍රෙලියානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිව්වැනි ළාබාලතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් ඉන්දියාවට එරෙහිව මංගල ටෙස්ට් වරම් හිමිකර ගැනීමට සෑම් කොන්ස්ටාස් සමත් වී තිබෙනවා.

එරට ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ එළඹෙන දෙසැම්බර් මස 26 වැනිදා ඉන්දියාවට එරෙහිව ආරම්භ වන සිව්වැනි ක්‍රිකට් තරගයට මෙල්බර්න් නුවර දී සෑම් තරග බිමට පිවිසෙනු ඇති බවයි.

සෑම් කොන්ස්ටාස් යනු නව යොවුන් ක්‍රීඩකයෙකු වන අතර ඔහු තවමත් පසුවන්නේ වයස අවුරුදු 19යි දින 85ක් පමණයි.

ඉන්දියාවට එරෙහි ව ආරම්භක ටෙස්ට් තරග තුනේ දී ම පිත්තෙන් ලකුණු 14.40ක සාමාන්‍යයක් ලබා ගත් ආරම්භක පිතිකරු නේදන් මැක්ස්වීනි වෙනුවටයි සෑම් මෙවර කණ්ඩායමට කැඳවා ඇත්තේ.

මීට පෙර ඔස්ට්‍රෙලියානු ඉතිහාසයේ තෙවැනි ළාබාතලම ක්‍රීඩකයා වී ඇත්තේ 1953 දී පිටියට ආ ඉයන් ක්‍රේග්ගෙන්.

කොන්ස්ටාස් අවසන් වරට මෙල්බර්න් හි දී ක්‍රීඩා කරන විට ඔස්ට්‍රෙලියානු A කණ්ඩායම වෙනුවෙන් ඉන්දීය A කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 3ක් සහ ලකුණු 73ක් රැස් කරගැනීමට ද සමත් වුණා.

බ්‍රිස්බේන්හි පැවැති තෙවැනි ටෙස්ට් තරගය වර්ෂාවෙන් ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟ ඔස්ට්‍රේලියානු – ඉන්දීය බෝඩර් ගවස්කාර් ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයට පත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00
Video thumbnail
ජනපති අනුර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර තිබූ හමුව - පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කරයි
01:53
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ සැලෝන් එකක් වටලයි - පලු දානවනේ මෙහෙම වුණාම..ඔක්කොම Expiredනේ..
04:47
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක්
01:02
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න
01:49
Video thumbnail
මල්වතු මහනාහිමියෝ කිව්ව ප්‍රබල ප්‍රකාශය
01:48
Video thumbnail
නීතිඥ සංගමය විපක්ෂයට කඩේ යනවද ? විපක්ෂය කොරහේ කිඹුල්ලු දකින එක නවත්වන්න
06:07
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක් - මේකා මේ ආණ්ඩුවට පක්ෂව කතා කරන්නේ හැමදාම..මේ වාසුවා
04:06
Video thumbnail
100ක් හිරේ දැම්මත් එකා පිටිපස්සේ එකා ඉන්නවා
00:31
Video thumbnail
ජනාධිපතිගේ හීනය ඉටුකරන්න අපි වැඩ කරනවා
02:26