අනවසරයෙන් මෙරට මුහුදු කලාපයේ උතුරු මුහුදු තීරයට ඇතුල් වී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මන්නාරම – උතුරු මුහුදු ප්රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක දී ඊයේ (23) පස්වරුවේ දී මොවුන් ව නාවික හමුදාව අත්අඩංගුවට ගත් බවයි දසත ප්රාදේශීය වාර්තාකෞර් පැවසුවේ.
මෙම සැකකරුවන් පැමිණි ඩිංගි යාත්රා දෙකක් ද නාවික හමුදා භාරයට ගැනුණා.
මේ වසර තුළ පමණක් නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් 554 දෙනෙකු සහ යාත්රා 72ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්රා දෙක සහ එහි සිටි ධීවරයින් 17 දෙනා තලෙයිමන්නාරම් ධීවර ජැටිය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම් ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරුණා.