අල්ලස් ගත් ග්‍රාම නිලධාරිවරයෙකුගේ නඩුවක් ගැන නියෝගයක්

පරිපාලන ග්‍රාම නිලධාරිවරයෙකුට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව විසින් පැවරූ නඩුවේ දී මහාධිකරණය විසින් එකී පරිපාලන ග්‍රාම නිලධාරිවරයාව නිදහස් කරමින් ලබා දුන් නියෝගයට එරෙහිව අල්ලස් කොමිසම විසින් අභියාචනාධිකරණයේ ගොනු කළ CPA /13/2024 ප්‍රතිශෝධන නඩුවේ දී එකී මහාධිකරණ නඩුව නැවත විභාගයට ගැනීමට අභියාචනාධිකරණය විසින් නියෝග කෙරුණා.

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ව පරිපාලන ග්‍රාම නිලධාරී ලෙස සේවය කරමින් සිටියදී දැව ප්‍රවාහන බලපත්‍රයක් ලබා ගැනීම පිණිස පැමිණිලිකරුගෙන් අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අදාල චූදිතට එරෙහිව වර්ෂ 2022 මාර්තු 25 වන දින පැවරූ කොළඹ මහාධිකරණයේ විභාග වූ නඩුකරයේ දී චිත්ති පාර්ශවය විසින් ගෙන එන ලද මූලික විරෝධතාවයක් පිළිගනිමින් වුදිතව නිදහස් කිරීමට 2023 ජුලි 26 වන දින මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කර තිබුණා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ; මහාධිකරණ විනිසුරුතුමන් ලබා දුන් එකී නියෝගයට එරෙහිව එම නියෝගය ප්‍රතිශෝධනය කිරීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රතිශෝධන අයදුම්පතක් අභියාචනාධිකරණය වෙත යොමු කර තිබූ බවයි.

එකී ප්‍රතිශෝධන නඩුව විවාදයට ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳ ව සලකා බැලූ අභියාචනාධිකරණය චූදිතයින් නිදහස් කිරීමට මහාධිකරණය විසින් ලබා දුන් නියෝගය අහෝසි කිරීමටත්, මහාධිකරණ නඩුව නැවත විභාගයට ගෙන තීන්දුව ලබාදීමටත් 2024 දෙසැම්බර් මස 20 වන දින මහාධිකරණ විනිසුරුවරයා වෙත නියෝග කළා.

පෙත්සම්කරු වන අල්ලස් කොමිෂන් සභාව වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ නීති ඉෂිකා රණතුංග මහත්මිය සමඟ සහකාර අධ්‍යක්ෂ නීති අනුෂා සම්මන් දප්ප්පෙරුම මහත්මිය සහ වග උත්තරකරු වෙනුවෙන් නීතිඥ වාන් ගොඩකුඹුර මහතා සමඟ නීතිඥ ෂෝන් තිසේරා මහතා පෙනී සිටියා.

පරිපාලන ග්‍රාම නිලධාරිවරයෙකට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව විසින් පැවරූ නඩුවේ දී මහාධිකරණය විසින් එකී පරිපාලන ගාම නිලධාරිවරයාව නිදහස් කරමින් ලබා දුන් නියෝගයට එරෙහිව අල්ලස් කොමිසම විසින් අභියාචනාධිකරණයේ ගොනු කළ CPA /13/2024 ප්‍රතිශෝධන නඩුවේ දී එකී මහාධිකරණ නඩුව නැවත විභාගයට ගැනීමට අභියාචනාධිකරණය විසින් නියෝග කෙරුණා.

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්ත පරිපාලන ග්‍රාම නිලධාරී ලෙස සේවය කරමින් සිටියදී දැව ප්‍රවාහන බලපත්‍රයක් ලබා ගැනීම පිණිස පැමිණිලිකරුගෙන් අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අදාළ චූදිතට එරෙහිව වර්ෂ 2022 මාර්තු 25 වන දින පැවරූ කොළඹ මහාධිකරණයේ විභාග වූ නඩුකරයේ දී චිත්ති පාර්ශ්වය විසින් ගෙන එන ලද මූලික විරෝධතාවයක් පිළිගනිමින් වුදිතව නිදහස් කිරීමට 2023 ජුලි 26 වන දින මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කර තිබුණා.

මහාධිකරණ විනිසුරුතුමන් ලබා දුන් එකී නියෝගයට එරෙහිව එම නියෝගය ප්‍රතිශෝධනය කිරීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රතිශෝධන අයදුම්පතක් අභියාචනාධිකරණය වෙත යොමු කර තිබුණා.

එකී ප්‍රතිශෝධන නඩුව විවාදයට ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳ ව සලකා බැලූ අභියාචනාධිකරණය චූදිත නිදහස් කිරීමට මහාධිකරණය විසින් ලබා දුන් නියෝගය අහෝසි කිරීමටත්, මහාධිකරණ නඩුව නැවත විභාගයට ගෙන තීන්දුව ලබාදීමටත් 2024 දෙසැම්බර් මස 20 වන දින මහාධිකරණ විනිසුරුවරයා වෙත නියෝග කළා.

පෙත්සම්කරු වන අල්ලස් කොමිෂන් සභාව වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ නීති ඉෂිකා රණතුංග මහත්මිය සමඟ සහකාර අධ්‍යක්ෂ නීති අනුෂා සම්මන් දප්ප්පෙරුම මහත්මිය සහ වග උත්තරකරු වෙනුවෙන් නීතිඥ වාන් ගොඩකුඹුර මහතා සමඟ නීතිඥ ෂෝන් තිසේරා මහතා පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?