අල්ලස් ගත් ග්‍රාම නිලධාරිවරයෙකුගේ නඩුවක් ගැන නියෝගයක්

පරිපාලන ග්‍රාම නිලධාරිවරයෙකුට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව විසින් පැවරූ නඩුවේ දී මහාධිකරණය විසින් එකී පරිපාලන ග්‍රාම නිලධාරිවරයාව නිදහස් කරමින් ලබා දුන් නියෝගයට එරෙහිව අල්ලස් කොමිසම විසින් අභියාචනාධිකරණයේ ගොනු කළ CPA /13/2024 ප්‍රතිශෝධන නඩුවේ දී එකී මහාධිකරණ නඩුව නැවත විභාගයට ගැනීමට අභියාචනාධිකරණය විසින් නියෝග කෙරුණා.

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ව පරිපාලන ග්‍රාම නිලධාරී ලෙස සේවය කරමින් සිටියදී දැව ප්‍රවාහන බලපත්‍රයක් ලබා ගැනීම පිණිස පැමිණිලිකරුගෙන් අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අදාල චූදිතට එරෙහිව වර්ෂ 2022 මාර්තු 25 වන දින පැවරූ කොළඹ මහාධිකරණයේ විභාග වූ නඩුකරයේ දී චිත්ති පාර්ශවය විසින් ගෙන එන ලද මූලික විරෝධතාවයක් පිළිගනිමින් වුදිතව නිදහස් කිරීමට 2023 ජුලි 26 වන දින මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කර තිබුණා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ; මහාධිකරණ විනිසුරුතුමන් ලබා දුන් එකී නියෝගයට එරෙහිව එම නියෝගය ප්‍රතිශෝධනය කිරීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රතිශෝධන අයදුම්පතක් අභියාචනාධිකරණය වෙත යොමු කර තිබූ බවයි.

එකී ප්‍රතිශෝධන නඩුව විවාදයට ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳ ව සලකා බැලූ අභියාචනාධිකරණය චූදිතයින් නිදහස් කිරීමට මහාධිකරණය විසින් ලබා දුන් නියෝගය අහෝසි කිරීමටත්, මහාධිකරණ නඩුව නැවත විභාගයට ගෙන තීන්දුව ලබාදීමටත් 2024 දෙසැම්බර් මස 20 වන දින මහාධිකරණ විනිසුරුවරයා වෙත නියෝග කළා.

පෙත්සම්කරු වන අල්ලස් කොමිෂන් සභාව වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ නීති ඉෂිකා රණතුංග මහත්මිය සමඟ සහකාර අධ්‍යක්ෂ නීති අනුෂා සම්මන් දප්ප්පෙරුම මහත්මිය සහ වග උත්තරකරු වෙනුවෙන් නීතිඥ වාන් ගොඩකුඹුර මහතා සමඟ නීතිඥ ෂෝන් තිසේරා මහතා පෙනී සිටියා.

පරිපාලන ග්‍රාම නිලධාරිවරයෙකට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව විසින් පැවරූ නඩුවේ දී මහාධිකරණය විසින් එකී පරිපාලන ගාම නිලධාරිවරයාව නිදහස් කරමින් ලබා දුන් නියෝගයට එරෙහිව අල්ලස් කොමිසම විසින් අභියාචනාධිකරණයේ ගොනු කළ CPA /13/2024 ප්‍රතිශෝධන නඩුවේ දී එකී මහාධිකරණ නඩුව නැවත විභාගයට ගැනීමට අභියාචනාධිකරණය විසින් නියෝග කෙරුණා.

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්ත පරිපාලන ග්‍රාම නිලධාරී ලෙස සේවය කරමින් සිටියදී දැව ප්‍රවාහන බලපත්‍රයක් ලබා ගැනීම පිණිස පැමිණිලිකරුගෙන් අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අදාළ චූදිතට එරෙහිව වර්ෂ 2022 මාර්තු 25 වන දින පැවරූ කොළඹ මහාධිකරණයේ විභාග වූ නඩුකරයේ දී චිත්ති පාර්ශ්වය විසින් ගෙන එන ලද මූලික විරෝධතාවයක් පිළිගනිමින් වුදිතව නිදහස් කිරීමට 2023 ජුලි 26 වන දින මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කර තිබුණා.

මහාධිකරණ විනිසුරුතුමන් ලබා දුන් එකී නියෝගයට එරෙහිව එම නියෝගය ප්‍රතිශෝධනය කිරීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රතිශෝධන අයදුම්පතක් අභියාචනාධිකරණය වෙත යොමු කර තිබුණා.

එකී ප්‍රතිශෝධන නඩුව විවාදයට ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳ ව සලකා බැලූ අභියාචනාධිකරණය චූදිත නිදහස් කිරීමට මහාධිකරණය විසින් ලබා දුන් නියෝගය අහෝසි කිරීමටත්, මහාධිකරණ නඩුව නැවත විභාගයට ගෙන තීන්දුව ලබාදීමටත් 2024 දෙසැම්බර් මස 20 වන දින මහාධිකරණ විනිසුරුවරයා වෙත නියෝග කළා.

පෙත්සම්කරු වන අල්ලස් කොමිෂන් සභාව වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ නීති ඉෂිකා රණතුංග මහත්මිය සමඟ සහකාර අධ්‍යක්ෂ නීති අනුෂා සම්මන් දප්ප්පෙරුම මහත්මිය සහ වග උත්තරකරු වෙනුවෙන් නීතිඥ වාන් ගොඩකුඹුර මහතා සමඟ නීතිඥ ෂෝන් තිසේරා මහතා පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16