රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව 2025 වසරේ කැලැන්ඩරය ප්‍රසිද්ධ කෙරේ – රජයේ අනුමත නිවාඩු 26ක්

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් 2025 වර්ෂයට අදාළ දින දර්ශනය මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ඒ, අනුව 2025 වර්ෂය තුළ රජයේ අනුමත නිවාඩු 26ක් ඇතුළත්.

එළඹෙන වසරේ දී ජනවාරි මාසයේ රජයේ නිවාඩු 02ක්, පෙබරවාරි මාසයේ රජයේ නිවාඩු 03ක් සහ මාර්තු මාසය තුළ රජයේ අනුමත නිවාඩු 02ක් යෙදෙනවා.

එමෙන්ම 2025 වර්ෂය වැඩිම නිවාඩු ගණනක් යෙදී ඇත්තේ අප්‍රේල් මාසයේ දීයි.

ඒ, අනුව අප්‍රේල් මාසය තුළ රජයේ නිවාඩු 04ක් දී ඇති අතර, මැයි මාසය තුළ නිවාඩු 03ක් සහ ජුනි මාසය තුළ නිවාඩු 02ක් ද යෙදී තිබෙනවා.

2025 වසරේ ජුලි සහ අගෝස්තු යන මාසයන්වල නිවාඩු දිනය බැඟින් යෙදී ඇති අතර, සැප්තැම්බර් සහ ඔක්තොම්බර් මාසයන්වල දී රජයේ නිවාඩු දෙක බැගින් යෙදී ඇති බව සඳහන්.

එමෙන්ම නොවැම්බර් මාසයේ එක් නිවාඩුවක් සහ දෙසැම්බර් මාසයේ රජයේ නිවාඩු දෙකක් දී තිබෙනවා.

ජනවාරි 13 සඳුදා – දුරුතු පුර පසළොස්වක පෝය දිනය
ජනවාරි 14 අඟහරුවාදා – දෙමළ තෛපොංගල් දිනය
පෙබරවාරි 04 අඟහරුවාදා – නිදහස් සමරු දිනය
පෙබරවාරි 12 බදාදා – නවම් පුර පසළොස්වක පෝය දිනය
පෙබරවාරි 26 බදාදා – මහ සිවරාත්‍රි දිනය
මාර්තු13 බ්‍රහස්පතින්දා – මැදින් පුර පසළොස්වක පෝය දිනය
මාර්තු 31 සඳුදා – ඊදුල් ෆීතර් (රාමසාන් දිනය)
අප්‍රේල් 12 සෙනසුරාදා – බක් පුර පසළොස්වක පොහොය දිනය
අප්‍රේල් 13 ඉරිදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය
අප්‍රේල් 14 සඳුදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය
අප්‍රේල් 15 අඟහරුවාදා – විශේෂ බැංකු නිවාඩු දිනය
අප්‍රේල් 18 සිකුරාදා – මහ සිකුරාදා දිනය
මැයි 01 බ්‍රහස්පතින්දා – ලෝක කම්කරු දිනය
මැයි 12 සඳුදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනය
මැයි 13 අඟහරුවාදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය
ජුනි 07 සෙනසුරාදා – ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය)
ජුනි 10 අඟහරුවාදා – පොසොන් පුර පසළොස්වක පෝය දිනය
ජූලි 10 බ්‍රහස්පතින්දා – ඇසළ පුර පසළොස්වක පෝය දිනය
අගෝස්තු 08 සිකුරාදා – නිකිණි පුර පසළොස්වක පෝය දිනය
සැප්තැම්බර් 05 සිකුරාදා – (මිලා-දුන්-නබි) නබි නායකතුමාගේ උපන් දිනය
සැප්තැම්බර් 07 ඉරිදා – බිනර පුර පසළොස්වක පෝය දිනය
ඔක්තෝබර් 06 සඳුදා – වප් පුර පසළොස්වක පෝය දිනය
ඔක්තෝබර් 20 සඳුදා – දීපවාලි උත්සව දිනය
නොවැම්බර් 05 බදාදා – ඉල් පුර පසළොස්වක පෝය දිනය
දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා – උඳුවප් පුර පසළොස්වක පෝය දිනය
දෙසැම්බර් 25 බ්‍රහස්පතින්දා අඟහරුවාදා – නත්තල් උත්සව දිනය

2025 වර්ෂයට අදාළ දින දර්ශනය මෙතැනින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14