පාකිස්තානයේ නගර අගුලු දැමූ විරෝධතා

පාකිස්තානයේ පවතින රජයට එරෙහි ව ක්‍රියාත්මක වන විරෝධතා රට පුරා අධික වීම හේතුවෙන් මේ වනවිට (17) සම්පූර්ණයෙන් ම නගරයට ඇතුල් වන ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග අවහිර වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ; නගරබද පොලිසිය විසින් වාහන වෙනත් අතුරු මාර්ගවල හරවා යැවුව ද; එම මාර්ග අවහිරතාවලට විසඳුම් නොලැබුණු බවයි.

ඊයේ සහ පෙරේදා දිනයන්හි දී සති අන්තය තුළ පාකිස්තානයේ විරෝධතා තීව්‍ර මට්ටමක පැවතියා.

දැඩි රථවාහන තදබදයක සිර වී සිටි රියදුරන් පවසා ඇත්තේ මහජනතාවගේ ගැටලුවලට විසඳුම් දීමට කිසිදු වගකිවයුතු පාලකයෙකු හෝ බලධාරියෙකු උද්ඝෝෂණ මධ්‍යයට හෝ නො ආ බවයි.

ජාතික අධිවේගී මාර්ගයේ ටවුන්ෂිප් චෝක් අසල දැවැන්ත විරෝධතාවක් ඇති වූ අතර, ඒ හේතුවෙන් පැය ගණනාවක් ගමනාගමනය නතර වී තිබුණා.

අධිවේගී මාර්ගය මත ඉහළ කොටසේ සිට පහළ තෙක් දැඩි රථ වාහන පෝලිමක් දැකිය හැකි අයුරුයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මෙම විරෝධතාව පැවැත්වීමට ප්‍රධානතම හේතුව වී තිබුණේ; මීට දින කිහිපයකට පෙර (දෙසැම්බර් 11) බසාර් ප්‍රදේශයේ ඇති වූ ගැටුමක දී පුරවැසියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට එරෙහි ව පොලිසිය ක්‍රියා නොකිරීම හේතුවෙන් බවත් වාර්තා වනවා.

එමෙන්ම ජල හිඟය, නිරතුරුව නගරයේ විදුලි කප්පාදුව හා ආර්ථික පරිහානිය මෙම උද්ඝෝෂණවලට හේතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14