යාපනය දිස්ත්‍රික්කයෙන් මේ දක්වා මී උණ රෝගීන් 87ක්

පසුගිය දින කිහිපයේ සිට මේ දක්වා යාපනය දිස්ත්‍රික්කයේ මී උණ රෝගීන් 87 දෙනෙක් වාර්තා වී ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඒ.කේදීශ්වරන් පවසනවා.

සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ ඉන් වැඩිම රෝගීන් පිරිසක් පේදුරුතුඩුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවයි.

දැනට පේදුරුතුඩුව රෝහල තුළ නේවාසිකව මී උණ රෝගීන් 21 දෙනෙකු ප්‍රතිකාර ලබා බවත්, යාපනය රෝහල තුළ නේවාසිකව රෝගීන් 11 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා පැවසුවේ යාපනය දිස්ත්‍රික්කය තුළ කිසියම් උණ රෝගී ලක්ෂණයක් පවතින අයෙක් සිටී නම් වහාම රජයේ රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසයි.

හැකි සෑම අවස්ථාවකම උණුකර නිවන ලද ජලය පානය කරන ලෙසත්, පවතින රෝගී තත්ත්වයන්ට නිසි වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර ලබාගන්නා ලෙසට ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ අතර යාපනය දිස්ත්‍රික්කයේ මී උණ රෝගී මරණ සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57