මියන්මාර මිනිස් ජාවාරම්කරුවන් ග්‍රහණයේ සිටි ලාංකිකයින් 27ක් දිවයිනට

මියන්මාර මිනිස් ජාවාරම්කරුවන් ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයින් 27 දෙනෙක් අද (16) දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ, අතර කාන්තාවන් අටදෙනෙකු ද සිටි බවයි, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 405 යානයෙන් පැමිණි මෙම කණ්ඩායම විශේෂ ගේට්ටුවකින් ඔවුන් පදිංචි ස්ථාන කරා ආරක්ෂිතව රැගෙන යාමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර තවත් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මියන්මාරයේ මිනිස් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඔවුන් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු යොදන ලෙසට විෂය භාර අමාත්‍ය විජිත හේරත් උපදෙස් ලබාදී තිබෙනවා.

නව රජය පත් වීමෙන් පසු මියන්මාරයේ මිනිස් ජාවාරම් කඳවුරුවල සිර වී සිටි ශ්‍රී ලාංකිකයින් 63ක් දිවයිනට පැමිණ ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අපි මැ#ණත් මෙතනින් නැගිටින්නේ නෑ"ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක
10:33
Video thumbnail
ඔයාලගේ නායකයා තමයි ප්‍රභාටත් මිනී##න්න ඉගෙන්නුවේ
04:54
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන ජනපතිගෙන් සැර කතාවක් - උස්සන් යන එක අශිෂ්ට ක්‍රියාවක්
02:30
Video thumbnail
අධිකරණ ඇමතිතුමා සජිත්ට දාපු කින්ඩිය
09:53
Video thumbnail
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ අවුරුද්දේ අහෝසි වෙනවා - අපි වෙනම පනතක් නිර්මාණය කරනවා
03:24
Video thumbnail
සජිත්ගේ කතාව මැද නැගිට්ට ආණ්ඩුවේ ලොක්කෙක් සජිත්ගෙන් හොඳටම අහගනී
07:06
Video thumbnail
චරිත් අබේසිංහවත් එල්#න්න ද..? සජිත්ගෙන් කවුරුත් නොසිතු උත්තරයක්
02:41
Video thumbnail
ජනපතිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මීට වැඩිය ශික්ෂ සම්පන්න බවක් තියෙන්නෙ ඕනි
04:21
Video thumbnail
චාමරගෙන් සැර සත්තමක් - විනාඩි 10ට කොහොමද අපි රටේම ප්‍රශ්න කියන්නේ
02:19
Video thumbnail
ජනපතිගේ කතාවට සජිත් රිදෙන්නම දෙයි - අමුතු සිහිනයක් මවාගෙන ඉන්නේ
10:17