හඳුනා නොගත් වෛරසයෙන් මියගිය ගණන ඉහළට

දින කිහිපයක සිට උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කය පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින හඳුනා නොගත් වෛරසයෙන් මියගිය ගණන ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මෙම උණ රෝගය වැළඳී පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෙතෙක් එම වෛරසය කුමක්දැයි හඳුනාගෙන නැහැ.

මියගිය පුද්ගලයින්ගෙන් බොහොමයක් තරුණයින් බවත් මියගියවුන් අතර එක් කාන්තාවක් ද සිටින බවත් වාර්තා වනවා.

යාපනය රෝහල් ආරංචි මාර්ග පැවසුවේ; මෙම පුද්ගලයින් මියගොස් ඇත්තේ උණ වැළඳීමෙන් පසුව ශ්වසන අපහසුතා මතුවීමෙන් පසුව බවයි.

කෙසේවෙතත් මියගිය පිරිසගේ දේහ කොටස් පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ ජාතික රෝහලට එවා තිබෙනවා.

ඊයේ (11) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ පැවති වසංගත රෝග විද්‍යා අංශයේ මාධ්‍ය හමුවේ දී පවසා තිබුණේ මෙම රෝගය මී උණ බවට සැකයක් පවතින බවත් එය තවමත් ස්ථිර නොවන බවයි.

මෙලෙස මියගිය පිරිස අතර සයදෙනෙකු ම යාපනය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බවත් එක් අයෙක් මුලතිව් හි පදිංචි අයෙක් බවත් හෙළි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?