හඳුනා නොගත් වෛරසයෙන් මියගිය ගණන ඉහළට

දින කිහිපයක සිට උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කය පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින හඳුනා නොගත් වෛරසයෙන් මියගිය ගණන ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මෙම උණ රෝගය වැළඳී පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෙතෙක් එම වෛරසය කුමක්දැයි හඳුනාගෙන නැහැ.

මියගිය පුද්ගලයින්ගෙන් බොහොමයක් තරුණයින් බවත් මියගියවුන් අතර එක් කාන්තාවක් ද සිටින බවත් වාර්තා වනවා.

යාපනය රෝහල් ආරංචි මාර්ග පැවසුවේ; මෙම පුද්ගලයින් මියගොස් ඇත්තේ උණ වැළඳීමෙන් පසුව ශ්වසන අපහසුතා මතුවීමෙන් පසුව බවයි.

කෙසේවෙතත් මියගිය පිරිසගේ දේහ කොටස් පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ ජාතික රෝහලට එවා තිබෙනවා.

ඊයේ (11) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ පැවති වසංගත රෝග විද්‍යා අංශයේ මාධ්‍ය හමුවේ දී පවසා තිබුණේ මෙම රෝගය මී උණ බවට සැකයක් පවතින බවත් එය තවමත් ස්ථිර නොවන බවයි.

මෙලෙස මියගිය පිරිස අතර සයදෙනෙකු ම යාපනය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බවත් එක් අයෙක් මුලතිව් හි පදිංචි අයෙක් බවත් හෙළි ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14