උතුරේ හඳුනා නොගත් උණ රෝගයක් පැතිරෙයි – දින දෙකක් තුළ තිදෙනකු මරුට (වීඩියෝ)

යාපනය දිස්ත්‍රික්කයේ හඳුනා නොගත් උණ රෝගයක් පැතිරෙන බවට තොරතුරු වාර්තා වනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; එම උණ රෝගයෙන් මේ වනවිට (10) පුද්ගලයින් තිදෙනකු මියගොස් ඇති බවයි.

උණ රෝගය වැළඳීම හේතුවෙන් මෙම පුද්ගලයින් තිදෙනා ම දින කිහිපයක දී රෝහල්ගත කර ඇති අතර ඔවුන් රෝගය වැළඳී දෙදිනක් තුළ මියගොස් ඇතැයි යාපනය ශික්ෂණ රෝහල පවසා තිබෙනවා.

මෙම මරණ සම්බන්ධයෙන් අද (10) සිට පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි යාපනය රෝහල් අධ්‍යක්ෂ ටී. සත්‍යමූර්ති මහතා පවසා සිටියේ.

මියගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කර තිබෙනවා.

මෙලෙස රෝගීන්ට වැළඳුණු වෛරසය කුමක් දැයි හෙළි නොවීම හේතුවෙන් උතුරේ වෛද්‍යවරු දැඩි ගැටලුවකට මුහුණ පා ඇති බවත් දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

යාපනය – පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි ව සිටි අවුරුදු 42 ක පුද්ගලයෙකු හා නාවට්කුලි ප්‍රදේශයේ ජීවත් වූ අවුරුදු 32ක පුද්ගලයෙකු මෙන් ම කිළිනොච්චිය රෝහලෙන් යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කළ 28 හැවිරිදි තරුණයෙකු ද මියගිය අය අතර සිටිනවා.

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ; උණ හා කැස්ස මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ බවත්; දැනටමත් මෙම රෝග ලක්ෂණ පෙන්නුම කරන්නේ ද වහාම ළඟම පිහිටි ‍රජයේ රෝහලකට ගොස් රුධිර සාම්පල පරීක්ෂාවක් සිදු කරගන්නා ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
4
+1
10
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01