පැරගුවේ රජය චීන රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ගෙදර යවයි

තායිවාන විදේශ කටයුතු අමාත්‍යාංශය (MOFA) පැරගුවේ රාජ්‍යය වෙත විශේෂ ස්තුතියක් පුද කර තිබෙනවා.

ඒ චීන සමූහාණ්ඩුවේ පැරගුවේ රාජ්‍ය තාන්ත්‍රිකවරයෙකු වශයෙන් කටයුතු කළ Xu Wei ව ධුරයෙන් නෙරපා හැරීම හේතුවෙන්.

තායිවානය සහ චීනය අතර උග්‍ර දේශ සීමා සහ රාජ්‍යයේ හිමිකාරීත්වය පිළිබඳ ව ගැටලු ඇති පසුබිමක දී තායිවානයේ මිත්‍ර රාජ්‍යයක් වන පැරගුවේ මෙම දේශපාලනික බලපෑමක් ජාත්‍යන්තරව ඇති කළ හැකි තීන්දුව සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය ද යොමු ව තිබෙනවා.

පැරගුවේ චීන රාජ්‍ය තාන්ත්‍රිකවරයා වන Xu Wei පැරගුවෙන් ඉල්ලා ඇත්තේ බීජිං සමග ව පක්ෂව තායිපේ සමග සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත් හරින ලෙසටයි.

නමුත් ඊට පැරගුවෙන් අවසරයක් හෝ එකඟතාවක් හිමිව නැහැ.

Taipei Times වාර්තා කර ඇත්තේ තායිවානයට එරෙහිව චීනයේ අනීතික මැදිහත් වීම්වලට පැරගුවේ රාජ්‍යයෙන් විරුද්ධත්වය පා මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව චීන රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ වීසා බලපත්‍රයක් අවලංගු කර ඔහුට රට හැර යන ලෙසට නියෝග කර ඇති බවයි පැරගු දේශයෙන් වාර්තා වන්නේ.

තායිවාන විදේශ අමාත්‍යාංශය Xu Wei හට “දේශීය කටයුතුවලට මැදිහත් වූ” බවට චෝදනා කළ අතර, එරට තායිවානයේ තානාපති කාර්යාලය ඔහුට චෝදනා කළේ පැරගුවේ රාජ්‍යය “ආක්‍රමණය කර” චීනයට හිමිකම් කියන තායිවානය සමඟ ඇති සබඳතාව අඩපණ කිරීමට උත්සාහ කළ බවටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18