ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතා පත් කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතා වෙත අද (09) පෙරවරුවේ පිරිනමනු ලැබුවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීයි.
