අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූවන්ට ජපානයෙන් මිලියන 300ක ආධාර

පසුගිය දා බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ පීඩාවට පත් වූ ජනතාව අතරේ බෙදාදීම සඳහා ජපාන රජය මඟින් රුපියල් මිලියන 300 ක් වටිනා ආධාර තොගයක් මෙරටට පිරිනමා තිබෙනවා.

එම ආධාර තොගය භාරදීම ඊයේ (07) කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේ දී සිදු කෙරුණා.

මෙලෙස පිරිනමා ඇති ආධාර අතර කූඩාරම් 230ක් , මෙට්ට 1,300ක් ඇතුළු භාණ්ඩ රැසක් වනවා.

මෙම ආධාර තොගය ගංවතුරින් විපතට පත් දිස්ත්‍රික්ක 13ක ජනතාව අතර, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් බෙදාහැරීමට නියමිතයි.

ජපානයේ සිට විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබූ මෙම ආධාර තොගය භාරදීමේ අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික ) සම්පත් තුයියකොත්තා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් උදය හේරත්, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසමටා සහ ජයිකා ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත ටෙට්සුයා යමාඩා ඇතුළු පිරිසක් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47
Video thumbnail
බදුල්ලේ මාලිමා කාන්තාවන් එක මිටට කාන්තා සමුළුවට ආ හැටි
01:55
Video thumbnail
බදුල්ලට ගිය අගමැතිනිව කාන්තාවන් බදාගෙන ආදරයෙන් පිළිගනී
00:48
Video thumbnail
කාවන්තිස්සව අවුරුදු 45ක් තියාගත්ත එකම ලොකු දෙයක්
03:16