ආහාර විෂ වීමකින් ඇඟලුම්හලක සේවක සේවිකාවන් පිරිසක් රෝහල්ගත කෙරේ

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් 50 දෙනෙකු පමණ ආහාර විෂ වීමකින් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ එම කර්මාන්තශාලාව මගින් සැපයූ උදෑසන ආහාර වේල අනුභව කිරීමෙන් පසුව පෙරවරු 09ට පමණ සේවක සේවිකාවන් රෝගාතුර වී ඇති බවයි.

ක්ලාන්තය, වමනය, පාචනය වැනි රෝග ලක්ෂණ සමග රෝගී වූ මෙම පිරිස මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර මේ වනවිට ඔවුන් වාට්ටු අංක 02 හා 03හි ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ කටුනායක පොලිසිය, මීගමුව රෝහල් පොලිසිය, සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?