පසුගිය සතිය පුරා ම ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවෙන් පසුව ආහාර සොයා ගම් වැදුණු ඇතින්නක් කුඹුරක මඩේ එරුණු අතර මෙතෙක් එම සත්ත්වයා ව ගොඩගැනීමට වනජීවී නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දැරුව ද නොහැකි වී තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; සතියක පමණ කාලයක සිට මඩේ එරුණු මෙම සත්ත්වයා ශරීරයෙන් දැඩි ලෙස දුර්වල වී වැතිර සිටින බවයි.
වව්නියාව – කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරක වී බුදීමටයි මෙම ඇතින්න පැමිණ ඇත්තේ.
එසේ පැමිණි අවස්ථාවේ දී එම සත්ත්වයා මඩේ එරී ඇති අතර වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍ය නිලධාරීන් පැමිණ ඖෂධ ලබාදෙමින් ඇතින්නියගේ ජීවිතය බේරා ගැනීමට විශාල වෙහෙසක් දරන බව ද වාර්තා වනවා.
වයසින් අවුරුදු 50ක් පමණ වන මෙම ඇතින්නිය දෙවරක් ගැබ්බර ව සිට පැටවුන් බිහිකර ඇත්තියක් බවත්; ඇයගේ ශරීරය මේ වනවිට දුර්වල තත්ත්වයට පත්වීම හේතුවෙන් ඇය කිසිදු පරිශ්‍රමයක් නැගිටීමට නොදරන බව ද වාර්තා වනවා.
මීට පෙර ඇතින්න බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් ඔසවා තැබුව ද ඇවිදීමට වාරු නොමැති වීම හේතුවෙන් ඇතින්න එම ස්ථානයේම තැබීමට සිදු වුණා.