සී.අයි.ඩී අධ්‍යක්ෂ ධුරයට කාන්තාවක් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේත් වෙනසක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියක් පත්කර තිබෙනවා.

කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිඅයි.එස් මුතුමාල මහත්මියයි මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය සඳහා පත්කර ඇත්තේ.

ඇය මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයේ සිට රාජකාරි කටයයුතු සිදු කළා.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් සිදුකළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම්වලට අනුව මෙම පත් කිරීම සිදුකර තිබෙනවා.

මේ අතර මෙම ස්ථානමාරු කිරීම් අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ ද වෙනස්කමක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරි කේ.බී. මනතුංග මහතා පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර ඇති බවයි වාර්තා වන්නේ.