මුතුරාජාට දළ යුගළය කරදරයක් වෙලා (වීඩියෝ)

මෙරට සිට තායිලන්තයට රැගෙන ගිය මුතුරාජා ඇතාගේ දළ යුගළය කපා දැමීමට තායිලන්ත පශු වෛද්‍යවරු යෝජනා කර තිබෙනවා.

වර්ධනය වී ඇති එම දළ යුගළය හේතුවෙන් මුතුරාජාට සිය දෛනික කටයුතු සිදුකර ගැනීමට මතුව ඇති අපහසුතාව හේතුවෙන් මෙම යෝජනාව සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම දළ යුගළය වර්ධනය වැඩිවීම හේතුවෙන් සත්වයාගේ බෙල්ලට එම බර දරාගැනීමට අපහසු වී ඇති බවයි පශු වෛද්‍යවරුන් පවසන්නේ.

එම වෛද්‍යවරු පවසන්නේ ඒ හේතුවෙන් සත්වයා ගමන් කරන විට බෙල්ල පහත් කරගෙන ගමන් කරන බවයි.

කෙසේ වෙතත් මුතුරාජා ඇතාගේ දළ යුගළය කපා දැමීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තායිලන්තයෙන් මෙරටට හිමි වූ මුතුරාජා ඇතා තුවාල ලබා සිටිය දී ප්‍රතිකාර ලබාදීම සඳහා යළිත් තායිලන්තය වෙත පසුගිය වසරේ ජුලි මාසයේ රැගෙන ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14