පොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරු වීම්

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් එම ස්ථාන මාරු ලබා දී ඇති බව සඳහන්.

මෙලෙස ස්ථාන මාරුවීම් ලැබූ පොලිස් නිලධාරීන් අතර; නියෝජ්‍ය පොලිස්පතිවරු 05ක්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරු 32ක්, පොලිස් අධිකාරීවරු තිදෙනෙක් සහ සහ වැඩබලන ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ද ඇතුළත්.

එම ස්ථාන මාරුවීම් ලැයිස්තුව මෙතැනින්..