ලග්ගල ව්‍යාපාරිකයා කොල්ල කෑ කොල්ලකරුවෝ අල්ලයි – හිමි නමකුත් ඒ අතර

ලග්ගල ප්‍රදේශයේ පසුගිය නොවැම්බර් මස 10 වනදා ව්‍යාපාරිකයෙකු බියගන්වා ඔහුගේ සහ නිවසේ සිටි පියා හා බිරිඳගේ අත් පා ගැටගසා රුපියල් කෝටි 06 කට අධික මැණික්, රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ සිද්ධියේ සැකකරුවන් දසදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර ස්වාමීන් වහන්සේ නමක් ද සිටින අතර; එම හිමිනම මාවතගම ප්‍රදේශයේ පිහිටි රජමහා විහාරස්ථානයක වැඩ විසූ හිමිනමක් බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

මොවුන් විසින් මෙම කොල්ලයට දින කිහිපයකට පෙර ලග්ගල ප්‍රදේශයේ බැංකුවක් කොල්ල කෑමේ අරමුණින් එම ප්‍රදේශයට පැමිණ ඇති බවත්; පසුව එය සිදුකිරීම අපහසු වූ බැවින් යළිත් එම ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ.

කෙසේ වෙතත් දෙවනවර ලැබුණු තොරතුරක් මත මෙම සැකරුවන් ව්‍යාපාරිකයාගේ නිවස කොල්ලකෑම සඳහා පැමිණ ඇති බවට මේ වනවිට කරුණු හෙළිව ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

සැකකරුවන් විසින් කොල්ලකන ලද වටිනා මැණික් ගල් විකුණා තිබිය දී සොයාගෙන ඇති අතර, කොලකන ලද මුදල්වලින් කොටසක් සහ රන් ආභරණ ද සොයාගැනීමට හැකිව තිබෙනවා.

එහිදී කෝටි එකහමාරක පමණ වටිනාකමකින් යුත් මැණික් ගලක් ගාල්ල ප්‍රදේශයට අලෙවි කර ඇති අතර, එය කොටස් 07කට වෙන්කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් මාතලේ, කුරුණෑගල යන දිස්ත්‍රික්ක දෙකේ සහ කොළඹ – මාකොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මොවුන්ගෙන් 09 දෙනෙක් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර, එක් සැකකරුවෙක් රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව ඔහු පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48