වර්ෂාව සහ ගං වතුරින් පසු රෝග කිහිපයක් ව්‍යාප්තවීමේ අවදානමක් (වීඩියෝ)

පසුගිය දින කිහිපය තුළ පැවති අධික වර්ෂාපතනය නිසා ඇති වූ ජලගැලීම් හේතුවෙන් රෝග කිහිපයක් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

වෛද්‍යවරයා පවසන්නේ විශේෂයෙන් පාචනය, අතීසාරය, උණ සන්නිපාතයවැනි රෝග තත්ත්වයන් මෙලෙස ව්‍යාප්තවීමේ අවදානම ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා,

“පාචන තත්ත්වයන් ගත් විට ඊට හේතුව වෙන්නේ වර්ෂාපතනය සමඟ පිරිසිදු ආහාර පිරිසුදු ජලය නොලැබීම, මැස්සන්ගේ වර්ධනයක් වෙන්න පුළුවන් වැසිකිළි පහසුකම් නැති වෙන්න පුළුවන්. රෝග ලක්ෂණ විදිහට උණ, වමනය බඩඑළිය යෑම, බඩ රිදිල්ල වගේ රෝග ලක්ෂණ තියෙන්නේ බඩඑළිය වතුර වගේ යනවා නම් පාචනය වෙන්න පුළුවන්, බඩඑළිය සමඟ ලේ යනව නම් අතීසාරය වෙන්න පුළුවන්. ටික දවසක් උණ තියනවා බඩ රිදෙනවා වගේ තත්ත්වයක් තිබුණොත් ඒක උණ සන්නිපාතය වෙන්න පුළුවන්. ජල ගැලීම් සිදුවූ ප්‍රදේශවලට මී උණ ඇතිවෙන්නත් පුළුවන්. ඇස් රතු වෙනවා ඇස් කහ පාට වෙනවා, මුත්‍රා තද පාටට යනවා, බඩේ කැක්කුම ඇති වෙනවා, හිසේ කැක්කුම ඇති වෙනවා මෙවැනි තත්ත්වයක් තිබුණොත් රෝහලක් වෙත යන්න. මේ රෝග සියල්ල වළක්වා ගත හැකියි.
උණුකර නිවාගත් ජලය ලබාදෙන්න. පාචනයේ තිබෙනවා නම් ස්වභාවික දියර ආහාරලබා දෙන්න. දෙහි දොඩං නාරං දෙලුම් බැදි හාල් කැඳ වගේ ඒවා. උණ දවස් තුනකට වඩා තිබෙනවා නම් රුධිර පට්ටිකා අපේක්ෂාවක් කරගන්න. විශේෂයෙන් ඩෙංගුත් හිස ඔසවමින් පවතිනවා. ඩෙංගු පවතී කියලා හිතන ස්ථාන සියල්ල නැති කරගන්න නැත්නම් ඩෙංගුත් වසංගතයක් හැටියට එන්න පුළුවන්. සීතල තත්ත්වය වැස්ස එක වෛරස් උණ රෝග ඉහළ ස්වසන මාර්ගයේ වෛරස් රෝග නිව්මෝනිය තත්ත්ව වැඩිවෙන්න පුළුවන්.
වායු දූෂණය නිසා ළමා හතිය වැඩි වෙන්න පුළුවන්. හුස්ම ගැනීමේ අපහසුවක් ආවොත් රාත්‍රියේ කැස්ස ඇතිවුණොත් ළමා හතිය වෙන්න පුළුවන්. ඉන්හේලවලට නෙබුලයි සේෂන් කරන්න බය වෙන්න එපා. ඒවට ඇබ්බැහිවීමක් කොහෙත්ම සිදුවන්නේ නෑ. මේ රෝග සියල්ල වළක්වා ගත හැකියි අපි උපක්‍රමශීලී විය යුතුයි. ඩෙංගු බෝවීම අවම කරන්න නිවෙස් අවට පාසලවට පිරිසිදුව තබාගන්න ඕන. වතුර එක් රැස්වන තැන් නැති කරගන්න ඕනේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41