විත්තිකරුවන් හයදෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම (වීඩියෝ)

2016 වසරේ නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය නිවසක දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයක් ඝාතනය කර තවත් පිරිසකට තුවාල සිදුකිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් හයදෙනෙකුට දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද මරණ දඬුවම් නියම කළා.

2016 වසරේ ජූලි මස 20 වනදා නාරාහේන්පිට, උද්‍යාන පාර ප්‍රදේශයේ පැවැති අවමංගල්‍ය නිවසක දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුර දිග යාමෙන් මංජුල මහේෂ් ජයතිලක නමැත්තාගේ මරණය සිදුකොට තවත් පිරිසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් අටදෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.

කෙසේ වෙතත් නඩු විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විත්තිකරුවන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ.

දීර්ඝ විභාගයකින් අනතුරුව විනිසුරුවරයා ප්‍රකාශ කළේ, විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.

ඒ, අනුව විත්තිකරුවන්ට එරෙහිව දඬුවම නියම කරන බවයි විනිසුරුවරයා නියෝග කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?