හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා පොලීසියේ 33 වන පොලිස්පතිවරයා වූ මහින්ද බාලසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද (29) සවස 5.00 පමණ කොළඹ නාරහෙන්පිට ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලකදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ස්භාවික අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහා අභාවප්‍රාප්ත වී ඇති අතර මියයන විට ඔහු 68 හැවිරිදි වියේ පසුවිය.

මහින්ද බාලසූරිය මහතා 1978 වර්ශයේදී ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වී ඇති අතර 2010-2011 වර්ශවල දී ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

ඒ වාගේම මහින්ද බාලසූරිය මහතා ඉන්පසුව බ්‍රසීලයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted