ජලය පිරුණු කාණුවකින් මළසිරුරක් හමුවෙයි

ජලය පිරි කාණුවක තිබී මියගිය පිරිමි අයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අද (27) පෙරවරුවේ මෙම මළසිරුර කොස්වත්ත පොලිසිය විසින් සොයාගනු ලැබූ බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ උඩුපුස්සැල්ලාව – මඩුල්ල, මදුවැල්කැටිය පදිංචිකරුවෙකු වන ප්‍රේමසිරි නමැති 59 හැවිරිදි අයෙක්.

දංකොටුව – මාවතගම කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක් ඉදිරිපිට ඇති ජලය පිරී ගිය කාණුවක තිබී මෙම මළසිරුර හමු වූයේ.

මරණකරු ජලය පිරුණු කාණුවට ඇදවැටෙන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.

මියගොස් ඇති අය මාවතගම කර්මාන්ත පුරයේ සේවය කරමින් සිට ඇති බවයි පැවසෙන්නේ.

සිරුර මාරවිල මූලික රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?