රුපියල් මිලියන 15ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 85ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 85 ක් සමඟ පුද්ගලයෙකු ඊයේ(16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ යුද හමුදා බුද්ධි නිලධාරීන් වෙත ලද තොරතුරක් මත කිලිනොච්චිය හා ධර්මපුරම් පොලිස් නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමක දී සැකකරු ව අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු සතුව තිබී ප්‍රවාහනයට සූදානම් කොට තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 85ක තොගය ඔහුගේ නිවසින් සොයාගැනුණු අතර
කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 15ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

ඒවා ඇසුරුම් 40ක අසුරා තිබියදී සොයා ගැනුණු බවත් වාර්තා වනවා.

සැකකරු ඉන්දියාවේ සිට බෝට්ටු මගින් ගෙනා ගංජා තොගයක් ජාවාරම්කරුවන්ගෙන් ලබාගෙන බෙදාහැරීමට සූදානම් කර තිබියදියි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කිලිනොච්චිය, උඩුවිල් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සැකකරුවෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු හා ගංජා තොගය කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14