අභිනවයෙන් කතානායක ධුරයට පත් වූ ආචාර්‍ය අශෝක රන්වල මහතා සහ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් අද (26) පැවැත්වුණා.
අද පස්වරුවේ මෙම නිල හමුව සිදු වූයේ කොළඹ අගරදගුරු නිල නිවසේදියි.
මෙම හමුව කතානායකවරයා සිදු කර ඇත්තේ නව ධුරය සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුව පත්වීමෙන් පසුව ආශිර්වාද ලබා ගැනීම සඳහා මෙන් ම රටේ ඉදිරි පාලන කටයුතු පිළිබඳ ව අදහස් විමසීම සඳහා කළ හමුවීමක් බවයි.
සියලු ජාතින් සමග කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ව අගරදගුරු හිමිපාණන් විසින් කතානායකවරයා ව දැනුවත් කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1