බංග්ලාදේශ 53 වැනි සන්නද්ධ හමුදා දින සැමරුම ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී (ඡායාරූප)

බංග්ලාදේශ ජනරජයේ 53 වැනි සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවය ඊයේ (25) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදි පැවැත් වුණා.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත එක්ව සිටියා.

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවයට සපැමිණි ආරක්‍ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දාලිබ් එලියාස් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.

බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු එම් මොනිරුස්සමන් මෙම උත්සවයේ පිළිගැනීමේ කතාව සිදු කළා.

එහිදී රැස්ව සිටි සම්භාවනීය අමුත්තන් අමතමින්, ආරක්‍ෂක ලේකම්වරයා, බංග්ලාදේශය නිදහස් කර ගැනීම උදෙසා සිදුකලා වූ මහා සංග්‍රාමයේ ජයග්‍රණය සමරනු වස් එහි 53 වැනි සංවත්සරය සනිටුහන් කරන මෙම උත්කර්ශවත් අවස්ථාවේ බංග්ලාදේශ ජනරජයේ සන්නද්ධ හමුදාවන් වෙත සිය සුභාශිංසන එක්කරන බව ප්‍රකාශ කළා.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව ඉතිහාසය පුරාම ඉතා ශක්තිමත්, සුහදශීලී අන්තර් සබඳතාවක් පවත්වා ඇති බවත් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විකාශනය වෙමින් පවතින බංග්ලාදේශය සමඟ අපගේ සබඳතාවයන් අද වනවිට වඩාත් උපායමාර්ගික තත්ත්වයකට පැමිණ තිබෙන බවත් ආරක්‍ෂක ලේකම්වරයා එහිදි සඳහන් කර සිටියා.

එමෙන්ම දෙරට අතර, ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස ද, මෙම අවස්ථාව සැළකිය යුතු බවයි ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

එම අවස්ථාව සනිටුහන් කරමින් බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා විසින් ආරක්‍ෂක ලේකම්වරයා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළා.

රාජ්‍යතාන්ත්‍රික නිලධාරින්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුළු සම්භාවනිය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

WhatsApp Image 2024 11 26 at 1.40.19 PM
WhatsApp Image 2024 11 26 at 1.40.23 PM 1
WhatsApp Image 2024 11 26 at 1.40.21 PM 1
WhatsApp Image 2024 11 26 at 1.40.22 PM
WhatsApp Image 2024 11 26 at 1.40.21 PM 1 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42