Empty Ad
Empty Ad
 Empty Ad

විදුලි ගාස්තු සංශෝධනය අද නොවේ හෙට

ආර්ථික අර්බුදය පැවති කාලයේ ජල හා විදුලි ගාස්තු පැවති රජය විසින් ඉහළ නැංවීම ජනතාව ඒ ආණ්ඩුව පෙරළන්න තීරණය කිරීමට බලපෑ ප්‍රධාන හේතුවක් වුණා.

පසුගිය ජූලි මාසයේ දී විදුලි ගාස්තු සංශෝධනයක් සිදු වුණත්; ඉන් පස්සේ ගත වූ මාස 06 තුළ කිසිදු ගාස්තු සංශෝධනයක් සිදු කෙරුණේ නැහැ.

6%ත් 11%ත් අතර ප්‍රමාණයකින් ගාස්තු අඩු කරන්න කියලා පසුගිය ඔක්තෝම්බර් 04 වැනි දා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට දැනුම්දුන්නා.

ඒත් කොමිසම කිව්වේ ඒ ගාණන නම් මදියි. තියෙන ලාබෙ හැටියට ජනතාවට සහන දෙන්න පුළුවන් හරිහමං ගානක් හදලා එවන්න කියලා.

මොකද දැන් ඩොලර් එක අඩුවෙලා. ඉන්ධන මිල අඩුවෙලා. ඒ විතරක් නෙවෙයි අවුරුද්ද පුරාම හොඳට වැසි. ඒ නිසා විදුලි උත්පාදනය සඳහා වැයවන මිල සැලකිය යුතු ලෙස පහළ ගිහිල්ලා.

කොහොම වුණත් අලුතින් ගණන් හදන්න මණ්ඩලය මුලින් සති දෙකක් ඉල්ලුවා. ඊට පස්සේ තවත් සති දෙකක් ඉල්ලුවා.

ඒ කියන්නේ දෙසැම්බර් 06 වැනි තෙක් ගණන් හදනවා. එදාට ගණන් ටික දුන්නොත් මහජන උපයෝගීතා කොමිසම ආයෙත් ගණන් හදන්න මාස එකහමාරක් දෙකක් ගන්නවා.

ඒ කියන්නේ මේ අවුරුද්දේ විදුලි ගාස්තු අඩු වෙන්නේ නෑ. හැබැයි මණ්ඩලය අද නිවේදනයක් නිකුත් කරලා කිව්වේ පාරිභෝගිකයින්ට වඩාත් සාධාරණ ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කරන්න ප්‍රමාණවත් කාලයක් ගන්න වෙනවා කියලා.

ඒ කාලේ හිටපු විපක්ෂය නම් පැයෙන් ගණන් හදලා පෙන්නුවා මණ්ඩලය ලාබ ලබනවා, ජනතාවට සහන දෙන්නේ නෑ කියලා.

දැන් ඒ විපක්ෂය නෑනේ. ඒකයි ප්‍රමාද.

පළාත් පාලන ඡන්දෙත් ලබන වසරේ මුල දි එනවනෙ….!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?