Empty Ad
Empty Ad
 Empty Ad

ගම්මන්පිල හොරෙන් විකිණූ ඔස්ට්‍රෙලියන් සමාගමක කොටස් ගැන අධිකරණයෙන් නීතිපතිට නියෝගයක්

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ඔස්ට්‍රෙලියානු ජාතික ලයන්ස් සෙඩික් නමැත්තාට අයත් සමාගමකින් අනුදැනුමකින් තොරව කොටස් විකුණා රුපියල් මිලියන 20ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට අදාළ නීතිපතිවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගොනු කරන ලද චෝදනාවට එරෙහිව නීතිපතිගේ ස්ථාවරය දැනුම්දීම සඳහා වන නඩුව එළඹෙන ජනවාරි මස 27 වැනි දින යළි කැඳවන ලෙස මහාධිකරණය අද (26) නියෝග කළා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; මෙම නඩුවේ පැමිණිල්ලේ තුන්වැනි සාක්ෂිකාරිය වන එලිසබෙත් සැඩික් නමැත්තියව අධිකරණයට කැඳවීමට පියවර ගන්නේ ද නැතහොත් පැමිණිල්ලේ 12 වැනි සාක්ෂිකාරිය වෙනුවෙන් වෙනත් සාක්ෂියක් කැඳවීමට පියවර ගන්නේ ද නැද්ද යන වග වහාම අධිකරණයට නීතිපතිවරයා විසින් දැනුම්දිය යුතු බවයි.

මෙම නියෝගය අද නඩුව කැඳවූ අවස්ථාවේ දී කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස් සපුවිද මහතා නීතිපතිවරයා වෙත නියෝග කරමින් දැනුම්දෙනු ලැබුවා.

පැමිණිල්ලේ තුන්වැනි සාක්ෂිකාරිය විදෙස් කාන්තාවක් බවත් අධිකරණයට පැමිණීමකින් තොරව වීඩියෝ ක්‍රමය ඔස්සේ සාක්ෂි කැඳවීම සිදු කළ හැකි බව ද මහාධිකරණ විනිසුරුවරයා නීතිපතිට පෙන්වා දී තිබෙනවා.

උදය ගම්මන්පිලට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති දෙවැනි චෝදනාව තහවුරු කිරීමට තුන්වැනි සාක්ෂිකාරිය කැඳවීමට යෝජනා කර තිබුණ ද, නීතිපතිවරයා එය ඉටුකර නොමැති බවත්; විත්තිකරුට එරෙහිව එල්ල වූ චෝදනා මූල්‍ය කටයුතු ගැන තමන්ට නිසි අවබෝධයක් නොමැති බව නඩුවේ 12 වැනි සාක්ෂිකාරිණිය ප්‍රකාශ කර තිබුණ හෙයින් ඇය වෙනුවෙන් වෙනත් සාක්ෂිකාරිණියක් කැඳවන්නේ ද යන කරුණත් හැකි ඉක්මනින් අධිකරණයට දැනුම්දෙන ලෙසටයි නියෝග කෙරුණේ.

එම නඩුවෙ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කිරීමෙන් අනතුරුව විත්තියේ සාක්ෂි විභාගය ආරම්භ කර ඇතත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 201 උප වගන්තිය යටතේ නියෝගයක් ලබාදීමෙන් තොරව නඩුව ඉදිරියට ගෙන යාමේ හැකියාවක් නොමැති බව පෙන්වූ සපුවිද විනිසුරුවර‍යා පැවසුවේ පූර්වගාමී විනිසුරුවරයා ඉදිරියේ විත්තියේ සාක්ෂි කැඳවා ඇති බවයි.

මේ හේතුවෙන් නීතිපතිවරයාගේ මෙකී කරුණ සම්බන්ධයෙන් වන ස්ථාවරය එළඹෙන ජනවාරි මස 27 වැනිදා දැනුම්දෙන ලෙසට ද අධිකරණය නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
10
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?