අධික වර්ෂාවත් සමඟ ප්‍රධාන වැව් 73න් 23ක් වාන් දමයි

දිවයිනට බලපා ඇති වර්ෂාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වැව් 73න් 23ක් මේ වනවිට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මෙම තත්ත්වයත් සමඟ දිවයිනේ ප්‍රධාන වැව් හැත්තෑ තුනේ සමස්ත ජල ධාරිතාව 65%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු ලහිරුණී ජයතිලක පවසන්නේ.

මේ අතර මධ්‍යම ප්‍රමාණයේ වැව් රාශියක් ද මේ වනවිට වාන් දමමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අධික වර්ෂාපතනයත් සමඟ අම්පාර, බදුල්ල , මඩකලපුව සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල පිහිටි වැව් සහ ජලාශවල ජල මට්ටම 50%කින් ඉහළ ගොස් ඇති අතර, හම්බන්තොට, මහනුවර, ගාල්ල, කුරුණෑගල සහ මොනරාගල දිස්ත්‍රික්කවල පිහිටි වැව් සහ ජලාශවල ජල ධාරිතාව 80%ක වැඩි ප්‍රමාණයක් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව පොළොන්නරුව සහ පුත්තලම දිස්ත්‍රික්කවල පිහිටි වැව් සහ ජලාශවල ජල ධාරිතාව 70%කට ආසන්න අගයකින් ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම ත්‍රිකුණාමලය, මන්නාරම දිස්ත්‍රික්කවල පිහිටි වැව් සහ ජලාශවල ජල ධාරිතාව 45% කට ආසන්න අගයකින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව පෝෂණය කරන අපරාධකාරයෝ නිදහසේ වෙ# තියනවා - නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:49
Video thumbnail
සුද්දට අයිස් විකුණන්න ගිහින් ජාත්‍යන්තරය ට ගිය අන්කල් - මොනවා කියනවද තේරෙන්නේ නෑනේ බන්
02:55
Video thumbnail
රථ පෙරහැරකින් ගැම්මට හෝමගමට ගිය නාමල් - අපේ රජතුමාට ජයෙන් ජයම වේවා..!
02:08
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17
Video thumbnail
සිනහ මුසු මුහුණින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දුන්නු උත්තරේ...
00:38
Video thumbnail
හෝමාගමට එද්දී හැමෝම ෆෝන් එක උස්සද්දී නාමල් රාජපක්ෂ පුදුමයට පත්වෙයි..
01:39
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවේ ගමන ගැන සැර කතාවක් - "මට තේරෙන්නේ නෑ මෙයාලගේ විසඳුම්"
01:04
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට හිටපු ඇමති බන්දුලගෙන් සැර කතාවක් - මන්ත්‍රීලා තේ හදන අයගේ තත්ත්වයට වැටිලා
03:27
Video thumbnail
හෙල්මට් චණ්ඩි වත්තල හෝටලයකට ඇවිත් කඩුවකින් සෙල්ලම් දාලා ගිය හැටි
02:00
Video thumbnail
අධිකරණයට අත නොතබනු.. මහජන පෙත්සම අත්සන් කිරීම අරඹයි...
02:13