එළඹෙන උත්සව සමය වෙනුවෙන් නාඩු සහල් ආනයනය කිරීමට අනුමැතිය හිමි ව තිබෙනවා.
මේ වනවිට (26) පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවා.
ඒ අනුව දේශීය ගොවියාට හානියක් නොවන පරිද්දෙන් නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මෙම ක්‍රියාවලිය සතොස සහ රජයේ වාණිජ නීතිගත සංස්ථාව මගින් සිදු කරන්නේ රජයේ පූර්ණ මැදිහත්වීමකින් යුතුවයි.
දේශීය වෙළෙඳපොළේ පවතින අවශ්‍යතාව මත එම සහල් තොග වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ද කැබිනට් ප්‍රකාශකවරයා කියා සිටියා.
ජාත්‍යන්තර ලංසු කැඳවීමකින් යුතුව මෙම කටයුත්ත සිදු කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
1
+1