මහීෂ් තීක්ෂණට IPL වෙන්දේසියේ දී කෝටි 4.40ක ලංසු මුදලක්

2025 අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණව මිල දී ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කටයුතු කළා.

මෙවර වෙන්දේසියේ දී රාජස්ථාන් කණ්ඩායම විසින් ඔහුට තැබූ ලංසු මුදල ඉන්දීය රුපියල් කෝටි 4.40ක්.

මහීෂ් තීක්ෂණ මීට පෙර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ අතර ඔහු වෙනුවෙන් ලංසු තැබීමට චෙන්නායි පිළ ඉදිරිපත් නොවීම ද විශේෂත්වයක්.

මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී අලෙවියට ඉදිරිපත් කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට මහීෂ් තීක්ෂණ පත් වුණා.