ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ගයානා සංචාරය අතරතුර දී එරට රජය සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුම් 10කට එළඹ තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ; කෘෂිකර්මය, හයිඩ්‍රොකාබන්, ඉන්දීය ගෙවීම් පද්ධතියක් වන UPI සහ ආරක්ෂක කටයුතු ආවරණය වන පරිදි මෙම නව ගිවිසුම් 10 සමන්විත බවයි.
බොරතෙල් ලබා ගැනීම, ස්වාභාවික වායු සහයෝගීතාව සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඒකාබද්ධ උත්සාහයන් කෙරෙහි අවධානය යොමු කරමින් හයිඩ්‍රොකාබන් අංශයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ගයානා හි ප්‍රධාන ගිවිසුම්වලට අන්තර්ගත බවත් වාර්තා වනවා.
මෙම ගිවිසුම්වල සඳහන් පරිදි දෙපාර්ශ්වයේ ම අදාළ ක්ෂේත්රවලට විශේෂඥ සහාය ලබා දීම ද ඇතුළත් කර තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ (MEA) නිල මාධ්‍ය නිවේදනයකට අනුව කෘෂිකර්මාන්තයේ සහ ඒ ආශ්රිත අංශවල ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් මගින් ඒකාබද්ධ ක්‍රියාකාරකම් පෝෂණය කිරීමට සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා විද්‍යාත්මක ද්‍රව්‍ය හා විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමට දැරූ අන්තර්ජාතික වෑයමක් ලෙසයි සැලකෙන්නේ.
ඖෂධ නියාමනය වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියානු ඖෂධ නියාමනය පිළිගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් සහ කැරිබියානු රටවලට දැරිය හැකි මිලකට ඖෂධ සැපයීම සඳහා ජනෞෂධි යෝජනා ක්‍රමය (PMBJP) ක්‍රියාත්මක කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමක් ද මෙහිදී අත්සන් තැබුණා.