මාතර හෝටලයකදී සූර් පිට තරුණියකට බලෙන් පෙම් කරන්න ගිය ක්‍රීඩකයා ගැන තීරණයක් ගනී

දකුණු පළාතේ හෝටලයකදී සිදුකළ විනය විරෝධී හැසිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයා වසරක් යනතුරු උපදේශන සැසි සඳහා සහභාගි කරවීමට නිර්දේශ කර තිබෙනවා.

ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත් කළ ත්‍රිපුද්ගල කමිටුව විසින් ක්‍රිකට් ආයතනය නියම කරන වෛද්‍යවරයෙකු යටතේ මෙම උපදේශන සැසි සිදුකිරීමට නියමිතයි.